“රු. 11,219කින් එක් අයෙකුට මාසයක් ජීවත් වෙන්න පුළුවන්” – ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

2
151

එක් පුද්ගලයෙකුට රු. 11,219 කින් මාසයක් ජීවත් විය හැකි යැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක අනුව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙම වසරේ මැයි මාසය සඳහා ප්‍රකාශයට පත්කළ නිල ජාතික දරිද්‍රතා සීමා දත්ත හා තොරතුරුවල මේ බව සඳහන් වේ.

ඒ අනුව, 4 දෙනකුගෙන් යුත් පවුලක් සඳහා මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමට මාසයකට අවශ්‍ය අවම වියදම රුපියල් 44,876ක මුදලක් වනු ඇත.

2012 සහ 2013 වසරේදී මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා ජාතික මට්ටමින් එක් පුද්ගලයකුට වැයවන මුදල රුපියල් 5,223 ක් ලෙස ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්තවල සඳහන් වන අතර කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් එන එක් පුද්ගලයෙකුට වැයවන මුදල රුපියල් 5,429ක් වේ.

2 COMMENTS

  1. මෙම සංඛ්‍යා නොමග යවන සුළු බොරුවකි. ලෝක සම්මතය අනුව දිනකට ඩෙලර් දෙකක ආදායමක් නොලබන්නේ නම් පුද්ගලයෙකු හට දිකයට අවශ්‍ය අවම කැලරි ප්‍රමාණය සහිත ආහාර මිලදී ගත නොහැකිය.

    දෛනිකව ඩොලර් 2ට වඩා අඩු දෛනික ඒක පුද්ගල ආදායමක් ලබන කණ්ඩායම අන්ත දුගී දරිද්‍රතා රේඛාවෙන් පහළ ජනතාව ලෙසින් ලෝකයේ සැලකේ.

    දවසකට ඩොලර් 2ක් යනු රුපියල් 720/- කි (ඩොලර් 1ක් රුපියල් 360/- ලෙස)
    මාසයකට ඩොලර් 2×30 =60
    රුපියල් = 60×360
    = 21,600
    හතර දෙනෙකුගේ පවුලක ආහාර අවශ්‍යතාවය සඳහා ලෝක සම්මතය අනුව ලැබිය යුතු ආදායම = 21,600 X 4
    = රුපියල් 86,400

    ලෝක සම්මත ශ්‍රී ලංකාවට බලපානනේ නැතැයි කියන මේ සංඛ්‍යා ලේඛණ සාදන රාජ්‍ය නිලධාරීන් ජීවත් වෙන්නේ වෙනත් ග්‍රහලෝකයක විය යුතුය.

    මන්දපෝෂණයට ලක් නොවී 4 දෙනෙකුගෙන් යුතු පවුලකට ජීවත්වීම සඳහා ලෝක සම්මතය වූ අගයට වඩා මෙරට නිලධාරීන්ගේ සංඛ්‍යාව රුපියල් 41,524/- කින් අඩුවෙන් පෙන්වාදී තිබේ.
    නිලධාරීන් හා දේශපාලකයන් කුමන ඉලක්කම් පෙන්වා දුන්නත් මෙරට දරුවන් අතර මන්දපෝෂණය වේගයෙන් ව්‍යාපත් වෙමින් තිබේ.

    මේවාද දේශපාලුවන්ගේ රවටිලි තරම් ම භයානකය. මක්නිසාද, මේවා මගින් සත්‍ය තත්වය වසා තැබීමට උදව්වන බැවිනි.

  2. ලැබෙන ඉලක්කම හරිද වැරදිද කියලවත් හොයාගන්න බැරි බූරැවන් ඉන්න රටක්. ඔය ගණන 30 න් බෙදුවම 373/= අඩු ගනනෙ මොනව හරි කාලා තේ එකක් බිව්වොත් ඉතිරි ටික බඩගින්නේ. පත්තර කා⁣රයොත් මේව ලියනවවෙ

Comments are closed.