productive දවසකට effective ක්‍රමයක

0
31

මේ කාලයේ විතරක් නෙමෙයි ජීවිතයේ අන් සියලු කාල කලාපවලත් නිශ්චිත කාල සටහනක් නොමැතිකමේ ගැටලුව නිසා බොහෝ මිනිසුන් තමන්ගේ ජීවිත කාලය පුරාවටම අවශ්‍ය දේ කර ගන්න බැරුව ළතවෙනවා. අරමුණු විනාශ කර ගන්නවාහීන බොඳ කර ගන්නවා. ජීවිතයේ වින්දනය අතහැර දමනවා. තමන් අතෘප්තිමත් දේ සඳහා පමණක් සමස්ත කාලයම කැප කරමින් ජීවිතය ගෙනියනවා. කොයිතරම් ඉහළ ඉලක්ක සිහින අරමුණු තියෙන කෙනෙක් වුණත් කාල කළමනාකරණය දන්නෙ නැත්නම් නිශ්චිත කාල සටහනකට අනුව වැඩ කරන්නේ නැත්නම් අසාර්ථක වෙනවා.

ලොව විශිෂ්ටතම ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන්, ප්‍රධාන විධායක නිලධාරීන් සහ තමන්ගෙ අරමුණුවලින් සාර්ථකත්වයට පත් සියලු දෙනා නිශ්චිත කාල සටහනකට දින සටහනකට වැඩ කරපු අය. දැන හෝ නොදැන කාල කළමනාකරණය තමන්ගෙ සාර්ථකත්වයේ ගමන සඳහා ප්‍රායෝගිකව භාවිත කළ අය ව්‍යවසායකයෙක් ලෙස වසර 3ක් තිස්සේ මම පැමිණි කෙටි ගමන තුළ වුණත් නිශ්්චිත කාලසටහනකින් සහ දින සටහනකින් ලැබුණු බලපෑම ඉහළ බව මම පෞද්ගලිකව විශ්වාස කරනවා. මගේ දින සටහන තුළ අත්‍යවශ්‍ය වැඩ දහසක් අතරේ මේ ලිපිය ලියන්නට පවා මට කාලය සකසා ගන්නට හැකියාව ලැබෙන්නේ කාල කළමනාකරණය නිසියාකාරව භාවිත කරන්නට හැකිවූ නිසා බව විශ්වාස කරනවා.

Tomorrow is today

නිශ්චිත කාලසටහනක් සකසන්න වඩා ඵලදායී දින සටහනක් නිර්මාණය කරන්න පිළිගත් නිශ්චිත ක්‍රමවේදයක් තිබෙනවාද?

අන්තර්ජාතික වශයෙන් නිශ්චිත ලෙසම පළිගත් ක්‍රමවේදයක් නැතත් ලොව ඉහළ ඉලක්ක මුදුන්පමුණුවා ගත්ත සාර්ථක මිනිසුන් භාවිත කළ ක්‍රමවේදයක් තියෙනවා කියන දේ පිළිතුරු ලෙස ඉදිරිපත් කරන්න පුළුවන්.

වඩා සාර්ථක දින සටහනක් සඳහා භාවිත කළ හැකි පළමු  ක්‍රමවේදය ලෙස හෙට දිනය අද දවසේදී සැලසුම් කිරීම හඳුන්වන්න පුළවන්. ඔබට හෙට කරන්නට ඇති දේ හෙට සැලසුම් කරන්න ගියොත් හෙට තීරණය කරන්නට ගියොත් බොහෝ විට ඔබට හෙට දවස අහිමි වෙන්න ඉඩකඩ තිබෙනවා. හෙට වැඩ කරන්නට ඇති කාලය සැලසුම් සඳහා කැප කරන්නට සිද්ධ වෙනවා. ඒත් හෙට දේ සැලසුම් කරන්න අද සවස කෙටි කාලසීමාවක් කැප කිරීම මඟින් ඔබට ඒ ගැටලුව සාර්ථකව මඟහරවා ගන්න පුළුවන්. හෙට කළ යුතු දේ පොතක ලියන්නට හෝ ජංගම දුරකථනයේ සටහන් කර ගන්නට ඔබට පුළුවන්. හෙට කරන්නට ඔබ සිතන විශාලතම කාර්යයේ ඉඳලා දුරකථන ඇමතුමක් ලබා ගැනීම දක්වා වූ කුඩා වැඩ කොටසත් සැලසුම් කිරීම ඔබට ඵලදායී දින සටහනක් සඳහා හේතු සාධක වේවි.

ABC ක්‍රම්වේදය වැඩට ගන්න

හෙට දවස සඳහා ලොකු වැඩ, පොඩි වැඩ කියන සියල්ල සැලසුම් කරද්දි ඒ කාර්යයන් සියල්ල ප්‍රමුඛතාව අනුව පෙළගැස්වීම ඊළඟ තීරණාත්මක කාර්යය වෙනවා.

A. දවසේ අනිවාර්යයෙන්ම කළයුතු වැඩ

B. අනිවාර්ය මුත් හැකියාව ඇත්නම් පමණක් කළ යුතු වැඩ කල් දැමිය හැකි වැඩ

C. අනිවාර්ය නොවන හැකියාව තිබුණොත් පමණක් කළ යුතු වැඩ

ලෙස සැලසුම් කරන සිය  ඉලක්ක ප්‍රමුඛතාව අනුව පෙළගස්වන්න ඔබට පුළුවන් හෙට මුලින්ම ඒ වරගයේ ඉලක්ක සම්පූර්ණ කරලා පසුව ක්‍රමයෙන් ඕ හා ඛ් වැඩ කොටස් ක්‍රියාත්මක කරන්න ඔබට පුළුවන්. එහිදී වැඩ කළ යුතු ආකාරය සහ ඔබේ වැඩ සඳහා ප්‍රමුඛතාව දියයුතු ආකාරය ගැන ඔබට දළ අදහසක් ලැබෙනවා.

Dont answer your phone everytime when its ring

පරිගණකයට රූපවාහිනි තිරයටත් වඩා බහුතරය කොටුවෙන දුරකථනය කියන උගුලෙන් ගැලවීම කෙනකු ජීවිතයේ ලබන විශාලතම ජයග්‍රහණවලින් එකක් යැයි හිතන්නට පුළුවන් සියල්ල ජංගම ක්‍රමයට අන්තර්ජාල ක්‍රමයට ක්‍රියාත්මක වන මේ වාණිජ්‍යමය කාලසීමාව තුළ දුරකථනයෙන් අෑත්වීම කියන දේ ප්‍රායෝගික නොවුණත් මේ කාලසීමාව වෙනත් පලදායී වැඩක් සඳහා ඔබට යොදාගන්නට පුළුවන්.

Read to lead

පොත් කියවීමෙන් දැනුම ලැබෙනවා විතරක් නෙමෙයි එය බොහෝවිට අපි ජීවිතයේ අපේක්ෂා කරන බලය ලබාදෙනවා. මේ කාලසීමාව තුළ ව්‍යවසායකයකුට තම දැනුම වැඩිදියුණු කරගන්න අනාගත ව්‍යාපාරික සංග්‍රාමයන් සඳහා සූදානම් වෙන්න කියවා නිමකළ හැකි පොත් ප්‍රමාණය අසීමිතයි.

Make a plan.

ඔබ විතරක් නැතිව සමස්ත ලෝකයම නැවතී ඇති වෙලාවක ඔබේ ව්‍යාපාර අසාර්ථක වෙන වෙලාවක ගනුදෙනු අහිමිවෙලා ඔබ බංකොලොත් වෙන වෙලාවක අනාගත ව්‍යාපාර ලෝකය තුළ ස්ථාවරත්වයට පත්වෙන්න නැවත ඔබේ ව්‍යාපාර නඟාසිටුවන්න අවශ්‍ය සැලසුම් සැකසීමට ඔබට මේ කාලය භාවිත කරන්න පුළුවන්. පොතක් පෑනක් අරගෙන ඔබ වඩා හොඳින් සන්නද්ධ විය යුතු ආකාරය ගැන අදහසක් ගන්න ඔබට පුළුවන්.

Take time to heal.

හීන අරමුණු පස්සෙ අඛණ්ඩව වසර ගාණක් තිස්සෙ දුවලා හෙම්බත් වෙලා ඉන්න ව්‍යවසායකයකුට, ව්‍යාපාරිකයකුට මේ විස්මිත විරාමය සුවපත් වීම සඳහා භාවිත කරන්නට පුළුවන්. තම සාර්ථකත්වයේ ගමන අතරතුර නැවතීමක් නොවන විස්මිත විරාමයක් ගැනීම. ඒ විරාමය තුළ ක්ෂය වෙච්ච ශක්තිය නැවත ලබාගැනීම මානසික ශක්තිය ගොඩනඟා ගැනීම ඇතුළතින් සුවපත්වීම අනිවාර්ය දෙයක්.

කාලය බ්ලොක්ස්වලට බෙදමුද 

shall we divide time into blocks

ඔබ දවසේ පැය 24 කළමනාකරණය කරන්නේ කෙසේද කියන කාරණාව මත ඔබේ අනාගත සාර්ථකත්වය තීරණය වෙනවා. ලොව සියලුම දෙනාට පැය 24ක කාලයක් ලැබෙන කොට ඔබ එය පරිභෝජනය කරන්නේ කෙසේද කියන කාරණාව මත ඔබේ දියුණුව තීරණය වෙනවා. කාල කළමනාකරණය පිළිබඳව සහ දෛනික කාලසටහන තුළ ඉලක්ක කළමනාකරණය කිරීම සම්බන්ධව බොහෝ අයට ගැටලු මතුවෙන්නේ ලැබෙන පැය 24 තුළට කළ යුතු වැඩ කොටස සියල්ලම අන්තර්ගත කරලා එකවර කාර්යයන් රැසක් කරන්නට යෑමෙන් ඔබට පැය විසි හතරක් ලැබුණට පස්සේ ඔබ පැය හයක් නිදා ගන්නවා නම් ඔබට පැය දහ අටක් ඉතුරු වෙනවා. ඒ පැය දහ අටෙන් පැය තුනක කාලයක් ඔස්සේ පෞද්ගලික කාරණා සඳහා කැප කළොත් 15ක කාලයක් ඔබට අද දවසේ වැඩ කටයුතු කරන්නට ඉතුරු වෙලා තිබෙනවා.

ඔබ නිකමට හිතන්න. ඔබට අද දවසේ මුදුන්පමුණුවා ගැනීමට මූලික ඉලක්ක පහක් තිබෙනවා කියලා එවැනි අවස්ථාවක අර පැය 15ක කාලය භාවිත කරලා ඉලක්ක ඵකවර මුදුන් පමුණුවා ගන්න යනවට වඩා නැතිනම් පළමුවැනි පැය තුළ ඉලක්ක පහෙන්ම වැඩ කොටස් අතරින් පතර කරනවාට වඩා එක මොහොතකට එක ඉලක්කය බැගින් ලබා දුන්නොත් ඵලදායිතාව ඉහළ නංවා ගැනීමට ඔබට අවකාශ සැලසෙනවා. ඔබට ඉතුරු වී ඇති පැය පහළොවෙන් පළමුවැනි පැය තුන පළමුවැනි ඉලක්කය සඳහා කැප කරලා දෙවැනි පැය තුන දෙවැනි ඉලක්ක සඳහා කැප කරලා තුන්වැනි පැය තුන තුන්වැනි ඉලක්කය සඳහා කැප කළොත් ඔබේ ඉලක්කගත වීම ශක්තිමත් වෙනවා. පළමුවැනි පැය තුන තුළ කරන්නට එක වැඩ කොටසක් පමණක් ඔබ සූදානම් කරලා තියෙන නිසා well focus එන තත්ත්වයෙන් යුතුව ඔබට සිහින හඹා යෑමට අවකාශය සැලසෙනවා.

තමන්ගේ focus එක තමන්ට නැහැ. පාඩම් කරන්න ගියාම එකක්වත් හරියට ඉවර කර ගන්න බැහැ. business කරනකොට දවස හරියට කළමනාකරණය කරගන්න බැහැ. රැකියාවේ කටයුතු හරිම ස්ට්‍රෙස් වගේ වාක්‍ය ඛණ්ඩ අපිට නිතර අහන්න දකින්න ලැබෙන්නේ බොහෝ අය තමන්ගෙ කාලයට අනුරූපීව සිහින ඉලක්ක සංවිධානය කරලා කාලය බ්ලොක්ස්වලට නැත්නම් කොටස්වලට වෙන්කරලා දෛනික ඉලක්ක ප්‍රතිෂ්ඨාපනය නොකරන නිසා.

කළමනාකරණයේදී fragmentation නැත්තම් ඛණ්ඩනීකරණය ලෙස හඳුන්වන මෙම කාරණාව තුළ දී පුද්ගලයකු යම්කිසි එක් කාල සීමාව තුළ එක් ඉලක්කයට විතරක් අනුගත වීම තුළින් ලැබෙන ප්‍රතිඵල මොනවාද කියන කාරණාව සාකච්ඡා කරනවා ඉහළ ඉලක්ක වීමක් සකසා දීම බාහිර දේට අවධානය යොමු නොවීමෙන් පීඩනය සහ ආතතිය අවම කිරීම වඩාත් සංවිධානගත ලෙස ඉලක්කයක් ළඟා කර ගැනීමට ඇති හැකියාව කියන කාරණා මූලික ප්‍රතිලාභ ලෙස සාකච්ඡා කරනවා.

ඇත්තටම අපි සියල්ලන්ටම ප්‍රශ්නය කාලය නැතිකම නෙමෙයි. කාලය කළමනාකරණය නොදන්නාකම. ව්‍යවසායකයෙක් ව්‍යාපාරිකයෙක් කොතරම් ඉහළ ඉලක්ක තිබුණත් කාල කළමනාකරණය කියන සාධකයේදී අසාර්ථක නම් ඔහුගෙන් හෝ ඇයගෙන් අනාගත මැජික් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ. මේ ලැබුණු විවේකය, විරාමය පලදායීව භාවිත කරනවාද නැද්ද කියන සාධකය මත ඔබේ ව්‍යාපාර කටයුතුවල අනාගතය බොහෝවිට තීරණය වේවි.

ව්‍යවසායකයෙක් ව්‍යාපාරිකයෙක් ලෙස ඉහළම සාර්ථකත්වයට ගිහිල්ලා ස්ථාවර වෙනකන් කියවන්න හිතන්න සැලසුම් කරන්න සුවපත් වෙන්න මෙවැනි විවේකයක් නැවත ඔබට බොහෝවිට නොලැබේවි. ඒ නිසා මේ මොහොතේ කාලය හරියට ඉන්වෙස්ට් කරන්න මැනේජ් කරන්න යූස් කරන්න. මතක තියාගන්න Time Management කියන්නේ වචන එකක් නෙවෙයි දෙකක්.