Fonix Software Solutions සමාගම SLASSCOM සම්මාන හතරක් දිනයි

0
26

ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) සංවිධානය කළ SLASSCOM INGENUITY AWARDS 2022තොරතුරු තාක්ෂණ සම්මාන උළෙලේදී Fonix Software Solutions පෞද්ගලික සමාගමේ ව්‍යාපෘතියක් වන Exam HUB Sri Lanka ව්‍යාපෘතිය ජාතික මට්ටමේ UN17 SDG Initiative Software Solutionsin IT/ BPM Sector සබරගමුව පළාත් Best Startups, Best ClientDelivery Innovation, Best Destructive Products Innovation යන සම්මාන ත්‍රිත්වයද දිනා ගැනීමට සමත් විය. මීට පෙරද සමාගම විවිධ සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.

තොරතුරු තාක්ෂණ සේවා සැපයීමේ නවෝත්පාදී සමාගමක් වන Fonix Software Solutions සමාගම නිරන්තරයෙන් විශිෂ්ට මෘදුකාංග නිර්මාණ ඔස්සේ ජනතාවගේ ජීවිත පහසු කරයි. Fonix Software Solutions සමාගම නිර්මාණය කළ Examhub මෘදුකාංගය පසුගිය කාලයේ දුරස්ථ අධ්‍යාපනයේ නියැළුණ සිසු සිසුවියන්ට සුවිශාල පිටිවහලක් විය. ඒ හරහා හය වසරේ සිට දහය වසර දක්වා මෙන්ම සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසු සිසුවියන්ට මාර්ගගත ක්‍රමයට පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයිය හැකිය. Examhub මෘදුකාංගය සිසු සිසුවියන්ගේ කාලය, ශ්‍රමය සහ මුදල් විශාල වශයෙන් ඉතිරි කර ගැනීමට හේතු වේ.

පාරිභෝගික අවශ්‍යතා අනුව ඉතා උසස් තත්ත්වයේ මෘදුකාංග නිෂ්පාදනය කරන Fonix Software Solutions සමාගම නවීන තාක්ෂණය භාවිත කරමින් වගකීම් සහගත සේවයක් නිරන්තරයෙන් සපයයි. ඔවුන්ට ජාතික මට්ටමේ සම්මානය ලැබීමට මූලික හේතුව වූයේද තිරසර සංවර්ධන ඉලක්කවලට අනුකූල මෘදුකාංග නිර්මාණය කිරීමයි. “තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රයේ වර්ධනය ඔස්සේ මෙරට ආර්ථික සංවර්ධනයට විශාල දායකත්වයක් දැක්විය හැකියි.  නවෝත්පාදනය අපගේ සමාගමේ ප්‍රධානතම කාර්යයක්. ඒ වගේම තරුණ තරුණියන් නවෝත්පාදී කාර්යයන් යොමු කරවන්න අප විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම තිරසාර සංවර්ධනයට බලපාන මෘදුකාංග නිර්මාණය කෙරෙහි අප නිරන්තර අවධානය යොමු කරනවා. මෙම සම්මානය ලබා ගැනීමට කැපවීමෙන් වැඩ කළ අපගේ කාර්ය මණ්ඩලයට මාගේ කෘතවේදීත්වය පිරිනමනවා.” ප්‍රධාන විධායක නිලධාරි දිලංක සංජය මහතා පැවැසීය.