සෙලාන් ටිකිරි දරුවන්ට නොමිලේ ‘ජුරාසික් වර්ල්ඩ්’ විශේෂ දර්ශන වාරයක්

0
52

සුහද හදක් ඇති දේශීය බැංකුව සෙලාන් බැංකුවේ ‘සෙලාන් ටිකිරි’ ගිණුම් හිමි දරුවන්ට ‘Savoy 3D’ සිනමාහලේදී ‘Jurassic World – Dominion’ චිත්‍රපටය නොමිලේ නැරඹීමේ සුවිශේෂී අවස්ථාවක් පසුගියදා උදා විය. තම මවුපියන් සමඟ මෙම චිත්‍රපටය නැරඹීමට ඔවුන්ට අවස්ථාව ලැබුණු අතර ඒ සඳහා විශාල පිරිසක් එක්වූහ.

මේ වනවිට දරුවන්ට විනෝදාස්වාදය සඳහා ලැබෙන අවස්ථා බෙහෙවින් සීමා වී ඇති අතර ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටද විවිධ දුෂ්කරතා මැද දිවි ගෙවීමට සිදු වී තිබේ. මෙවැනි තත්ත්වයක් හමුවේ, රටේ පුරෝගාමී ළමා ගිණුම වන සෙලාන් ගිණුමක හිමිකරුවන් වීම සම්බන්ධයෙන් සෙලාන් ටිකිරි දරුවන් අගයමින්, ඔවුන්ට විනෝද වීමට අවස්ථා උදාකර දීමට සෙලාන් බැංකුව සෑම විටම උත්සාහ දරයි.

මෙම අත්දැකීම තවදුරටත් රසවත් කිරීම සඳහා, සිනමාහලට පැමිණි දරුවන් වෙනුවෙන් විශේෂ සමාජ මාධ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක්ද සංවිධානය කිරීමට සෙලාන් බැංකුව කටයුතු කළේය. මෙහිදී අදාළ පසුතලය සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගෙන එය #TikiriMovies හෑෂ්ටැග් එක සමඟ අප්ලෝඩ් කළ යුතු වූ අතර, ඉන් තෝරාගත් ජයග්‍රාහකයන් 10 දෙනකුට විශේෂ තෑගි පිරිනමන ලදී. මෙම තෑගි ඔවුන්ගේ නිවෙස්වලටම ගෙනගොස් භාරදීමට සෙලාන් බැංකුව කටයුතු කළේය.

මෙරට දරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කරවීම සඳහා සෙලාන් ටිකිරි කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකර තිබේ. එමෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය, විනෝදාංශ හා විනෝදාස්වාදය වෙනුවෙන්ද සෙලාන් බැංකුව නිරන්තරයෙන් විවිධ වැඩසටහන් සංවිධානය කරයි.