සිංහගිරි – අඩ සියවසක විශිෂ්ටත්වයේ සැමරුම

0
127

අඩ සියවසක් මුළුල්ලේ පරපුරෙන් පරපුරට සිංහගිරි කෙරෙහි පාරිභෝගික ඔබ තැබූ විශ්වාසය සහ හිතවත්කම අප ආ සෑම පියවරක් පසුපසම තිබූ දැවැන්ත ශක්තිය බව ඉතා ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි.

වසර 1930 සුගතදාස මාරසිංහ මහතා විසින් අභිනවයෙන් ආරම්භ කරන ලද සිංහගිරි වෙළඳසල 1972 සීමාසහිත පෞද්ගලික ආයතනයක් බවට පරිවර්තනය වූයේ ඔබ අද හොඳින් හඳුනන සිංහගිරි ප්‍රයිවෙට් ලිමිටඩ්  ආයතනය බිහි කරමිනි.

ආරම්භයේ රෙදිපිළි සම්බන්ධ ව්‍යාපාරයක නියැළුණු සිංහගිරි ආයතනය 1977 වසරේදී ඉලෙක්ට්‍රොනික උපාංග සහ උපකරණ පිළිබඳ ඇති වූ විප්ලවීය ආකර්ෂණය සමඟින් මෙරට වෙළඳපොළට ලොව ප්‍රමුඛතම සන්නාම යටතේ ගෘහවිදුලි උපකරණ ආනයනය කිරීම ආරම්භ විය.

ඉලෙක්ට්‍රොනික ලොව දැවැන්තම සන්නාම හිමිකරු වන Samsung මෙරටට හඳුන්වාදීමේ පුරෝගාමියා වන සිංහගිරි එතැන් පටන් ලොව පුරා ප්‍රචලිත අන්තර්ජාතික සන්නාම රැසක බලයලත් ශ්‍රී ලාංකික නියෝජිතයා වශයෙන් කටයුතු කරමින් සිය නිෂ්පාදිත සමූහය වර්ධනය කර ගැනීමට සමත්විය. මෙරටට නවීනතම තාක්‍ෂණයෙන් හා උසස්ම ගුණාත්මක බවින් හෙබි ගෘහ විදුලි උපකරණ ආනයනය කිරීමේ ප්‍රමුඛයා වන සිංහගිරි සතුව අද වන විට ලොව විශිෂ්ටතම සන්නාම යටතේ නිෂ්පාදනය වන ගෘහ විදුලි උපකරණ හා උපාංග විශාල ප්‍රමාණයක් ඇත.

ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථික තත්ත්වය හමුවේ පාරිභෝගිකයා නිෂ්පාදනයක් වෙතින් අපේක්‍ෂා කරන තෘප්තිය අවම වියදමකින් ලබා දිය හැකි ආකාරය පිළිබඳ සිංහගිරි සමාගම නිරන්තරව ගවේෂණය කරමින් සිටියි.

අද වන විට සිංහගිරි ආයතනය සතුව දිවයින පුරා 100 කට අධික ශාඛා ජාලයක් හා ප්‍රමුඛපෙළේ ප්‍රදර්ශනාගාර 12කින් යුත් ජාලයක් මෙන්ම කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ පිහිටි තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණයේ ශාඛාවක් සහ 200කට අධික දීපව්‍යාප්ත වෙළඳ නියෝජිත ජාලයක් ක්‍රියාත්මකව පවතියි.

විදේශීය පුහුණුව ලැබූ පළපුරුදු ඉන්ජිනේරුවන්, වෘත්තීමය නිපුණත්වයෙන් හෙබි කාර්මික ශිල්පීන් සහ පාරිභෝගික ගැටලු නිරාකරණය වෙනුවෙන් කැප වූ අලෙවියෙන් පසු සේවා රැසකින් සමන්විත සිංහගිරි මෙහෙයුම් කාර්යය මණ්ඩලය ඔබ මිලදී ගන්නා සෑම උපකරණයකම කාර්යක්‍ෂමතාව පිළිබඳ ගැටලු, අලුත්වැඩියා කටයුතු, ‍ෙදා්ෂ නිරාකරණය සහ සේවා නඩත්තුව ආදී සම්බන්ධයෙන් ඉක්මන් හා කඩිනම් විසඳුම් සැපයීමට කැප වී සිටියි.

ශීතකරණ, වායු සමීකරණ නිෂ්පාදිත හා බහුකාර්ය විදුලි උපකරණ ඇතුළු මුළුතැන්ගෙට නැතුවම බැරි විදුලි උපකරණ රැසක් මේ වන විට SGL සන්නාමය යටතේ වෙළඳපොළට ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බලශක්ති අර්බුධය සහ ආර්ථික අවපාතය හමුවේ පිරිවැයෙන් අඩු සහ පරිසර හිතකාමී පුනර්ජනනීය බලශක්ති විසඳුමක් වශයෙන් Singhagiri – Solar සහ ඒ සම්බන්ධ සේවාවන් ලබා දීම ආරම්භ කර ඇත.

ශ්‍රී ලාංකික වෙළඳපොළට උසස්ම ප්‍රමිතියේ ගෘහ විදුලි උපකරණ හඳුන්වාදීම සහ පරම්පරා ගණනාවක නොබිඳුණු විශ්වාසයේ විශිෂ්ටත්වය වෙනුවෙන් LMD සඟරාව විසින් සිංහගිරි ශ්‍රීලංකාවේ ගෞරවාන්විතම ව්‍යාපාර ආයතන 100 අතරට නම් කිරීම සිදු විය. ලාභ අරමුණ අභිභවා ගිය ජාතික මෙහෙවරක් වෙනුවෙන් කැපවන සිංහගිරි දේශීය වෙළඳපොළ තුළ රුපියල් මිලියන 400කට වඩා වැඩි වාර්ෂික අලෙවි මෙහෙයුමක නියැළී සිටින ගෘහ විදුලි උපකරණ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛතම ව්‍යාපාර ආයතන කිහිපය අතරින් ඉහළින්ම සිටින 100%ක් දේශීය ව්‍යාපාර ආයතනයකි.

නිදහස් සහ සැපවත් සතුටින් පිරි නිවහනක් සහ ජීවිතයක් වෙනුවෙන් හොඳම දේ ඔබ වෙත රැගෙන ආ සිංහගිරි ඉදිරියටත් එම මෙහෙවරට කැපවෙමින් මෙතෙක් ආ දිගු ගමනට වෙහෙස වූ නායකත්වය ලබාදුන් කාර්යමණ්ඩලයට අඩ සියවසක සිංහාභිමානය වෙනුවෙන් සුභාශිංසන එක් කර සිටියි.