ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වයට රුසියාවත් වගකිව යුතුයි

0
18

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ලොව පුරා ආහාර නිෂ්පාදන හා සැපයුම් දාමයන් අවහිර වීමද ශ්‍රී ලංකාවේ වර්ථමාන අස්ථාවර තත්ත්වයට බලපා ඇති බව යුක්රේන ජනාධිපති වොලොඩ්මියර් සෙලෙන්ස්කි (Volodymyr Zelensky) පවසයි. පසුගියදා සෝල් නුවර පැවැති.

ආසියානු නායකත්ව සමුළුවේ දේශනයකදී යුක්රේන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.  ශ්‍රී ලංකාවේ අර්බුදකාරී තත්ත්වය ඉස්මතු කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, යුක්රේනය ආක්‍රමණය කිරීමේදී රුසියාව භාවිත කර ඇති ආර්ථික කම්පනයක් ඇති කිරීමේ උපක්‍රමය මඟින්  සැපයුම් දාම කඩාකප්පල් වීම නිසා රටවල් රැසක් ආහාර හා ඉන්ධන හිඟයකට මුහුණ දී ඇති බවයි.

ළහිරු ධනංජය පෙරේරා