විජයදාසගේ මනාපය නොකියා කියයි

0
25

රට දේශපාලනික හා ආර්ථික වශයෙන් ගැඹුරු අර්බුදයකට පත්ව තිබෙන මෙවැනි අවස්ථාවක  අවස්ථානුකූලව ප්‍රශ්න විසඳිය හැකි,දේශපාලන අත්දැකීම් සහිත ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කළ හැකි ජේ‍යෂ්ඨ දේශපාලනඥයකු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත් විය යුතු බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

පක්ෂ පාට අදාළ නැති ස්වාධීන අයකු වන තමන් හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන පුද්ගලයකු නිසා එවැනි සුදුසුකම් සහිත පුද්ගලයකු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා කිරීම සඳහා තමාගේ මනාපය දෙන බවද හෙතෙම  පැවැසීය.

තමා කිසිදු කණ්ඩායමකට අයිති නැති ස්වාධීන අයකු බැවින් ස්වාධීනව ඡන්දය දෙන බවද ඔහු සඳහන් කළේය.

තමන් පොදු ජන පෙරමුණේ කිසිදු තනතුරක් දරා නොමැති, එම පක්ෂයේ සාමාජිකයකු පමණක් බවත් එම පක්ෂය දෙකට බෙදී කටයුතු කරන නමුත් තමන් ස්වාධීන පුද්ගලයකු නිසා එම ගැටලු තමාට අදාළ නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

හිරු නාළිකාවේ “සලකුණ” වැඩසටහනට සහභාගි වෙමින් ඔහු මේ බව පැවැසීය.

කුමුදු උපුල් ශාන්ත