රාම්ඩීන් හා සිමන්ස් ක්‍රිකට් පිටියෙන් සමුගනිති

0
25

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරුවකු වන ලින්ඩ්ල් සිමන්ස් සහ හිටපු නායකයකු සහ කඩුලු රකින්නකු වන දිනේෂ් රාම්ඩීන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කළද ඉදිරියේදී විස්සයි-20 ලීග් තරග සඳහා සහභාගි වන බව එහිදී ලින්ඩ්ල් සිමන්ස් හා දිනේෂ් රාම්ඩීන් යන දෙදෙනාම පවසා ඇත.

කෙසේ නමුත් ක්‍රීඩාවෙන් සමුගන්නා විට සිමන්ස් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 8ක්, එක්දින ජාත්‍යන්තර තරග 68ක් සහ විස්සයි-20 තරග 68ක් ක්‍රීඩා කර තිබූ අතර, රාම්ඩීන් ටෙස්ට් තරග 74ක්, එක්දින තරග 139ක් හා විස්සයි-20 තරග 71ක් ක්‍රීඩා කර තිබිණි.  ටෙස්ට් ශතක 4කට සහ එක්දින ශතක 2කට හිමිකම් කියන රම්ඩීන් අවසන් වරට එක්දින තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2019 වසරේදී වීමද විශේෂත්වයකි.