රනිල්ට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ඉවතට

0
17

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (19දා) ප්‍රතික්ෂේප කළේය.

ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් එම නියෝගය දෙනු ලැබීය.

වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ විරෝධතා පිළිගෙන පෙත්සම ප්‍රතික්ෂේප කරන බව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු මඬුල්ල සඳහන් කර ඇත.

අදාළ පෙත්සම නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් ගොනු කරනු ලැබ තිබිණි.

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කිරීම හා ඡන්දය භාවිත කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අදාළ පෙත්සම ගොනු කර තිබිණි.

තාරක සම්මාන්