මොල්ලිගොඩ අනතුරකින් දෙදරු පියා මරුට

0
18

වාද්දුව මොල්ලිගොඩ හන්දියේ පෙරේදා (18දා) සිදුවූ රිය අනතුරකින් දෙදරු පියකු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ මොල්ලිගොඩ පිරිවෙන පාරේ නිශාන්ත රණසිංහ චාමින්ද නමැති 46 හැවිරිදි දෙදරු පියකු බව පොලිසිය කීය. ඔහු යතුරුපැදියෙන් කළුතර දෙස සිට පානදුර දෙසට ගමන් කර මොල්ලිගොඩ හන්දියෙන් හැරවීමට උත්සාහ කිරීමේදී පානදුර දෙසින් පැමිණි  මෝටර් රථයක ගැටී මීටර් 25ක් පමණ අෑතට විසිවන අයුරු අසල වෙළෙඳසලක ඇති CCTV කැමරාවක පටිගතව ඇතැයිද සඳහන් වේ.

බරපතළ තුවාල ලබා සිටි යතුරුපැදිකරු අනතුරට පත් මෝටර් රථයෙන්ම නාගොඩ මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර, රෝහල්ගත කිරීමේදී මියගොස් ඇතැයි පැවැසේ.

පොතුපිටිය – සුමිත් රණවක