බොල්ගොඩ ගඟ ආසන්නයේ නාඳුනන මළසිරුරක්

0
36

බොල්ගොඩ ගඟ ආශ්‍රිතව මොරටුව, මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් කඩලාන අසුන්ගල නමැති ස්ථානයේ මළසිරුරක් පසුගියදා (13දා) හමුවී ඇතැයි මොරටුමුල්ල පොලිසිය පැවැසීය.

එම පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් හෙළි වී නැති අතර මියගිය පුද්ගලයා වයස අවුරුදු 55ක පමණ පුද්ගලයකු බවත් මොහුව හඳුනාගැනීමට මහජන සහාය පතන බව පොලිසිය කියා සිටියේය. එම පුද්ගලයාගේ සිරුරේ කිසිදු බාහිර තුවාල නොමැති බවත් සිය දිවි නසා ගැනීමට බොල්ගොඩ ගඟට පැන ඇති බවටද පොලිසිය සැක කරයි.

මියගොස් ඇති පුද්ගලයා පිළිබඳව තොරතුරු දන්නා අයකු සිටී නම් මොරටුමුල්ල පොලිසියේ 0112653143 අංකයට දන්වන මෙන් පොලිසිය පවසයි. දේහය මේ වනවිට පානදුර මූලික රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මොරටුව – ඉරංග ප්‍රනාන්දු