පාකිස්තානය ජයග්‍රහණයේ මාවතට ආසන්න වෙයි

0
146

ශ්‍රී  ලංකාව හා සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ලකුණු 342ක ජයග්‍රහණයක් පසුපස හඹා යන පාකිස්තානය සිවුවැනි දිනය වන ඊයේ (19දා) තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 222ක් ලබා සිටියේය.

ඒ අනුව පාකිස්තානයට මෙම තරගය ජය ගැනීම සඳහා කඩුලු 7ක් අතැතිව තවත් ලකුණු 120ක් ලබාගත යුතුව ඇත.

ශ්‍රී ලංකාවෙන් එල්ල වූ ලකුණු 342ක ඉලක්කයක් පසුපස ගමන් කිරීම සඳහා පිටියට පිවිසි ඉබ්දුල්ලා සෆීක් හා ඉමාම් උල් හක් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 87ක සබඳතාවක් එක්කරමින් යහපත් ආරම්භයක් පාකිස්තානයට ලබා දුන්හ. දික්වැල්ලගේ ස්ටම්ප් කිරීමකට හසුව ඉමාම් උල් හක් ලකුණු 35කට ක්‍රීඩාගාරයට යැවීමට රමේෂ් මෙන්ඩිස්ට හැකිවිය. 

ඉන් අනතුරුව සෆීක්ට එක් වූ අසාර් අලී පාකිස්තානු ඉනිම ඉදිරියට ගෙන යෑමට වෙර දැරූවද ජයසූරියගේ පන්දුවක් හමුවේ ධනංජයට අතට උඩපන්දුවක් ලබා දීමෙන් අලි ලකුණු 6කට දැවී යන විට පාකිස්තානු ලකුණු පුවරුව කඩුලු 2කට ලකුණු 104ක් ලෙස දැක්විණි.

එහෙත් ඉන් අනතුරුව සෆීක්ට එකතු වූ පාකිස්තානු නායක බාබර් අසාම් තුන්වැනි කඩුල්ල වෙනුවෙන් තීරණාත්මක ලකුණු 101ක සම්බන්ධතාවක් ගොඩනැගුවේ පාකිස්තානය ජයග්‍රහණය පෙනෙන මානය වෙත කැ¼දවමිනි. එසේ වුවත් ලකුණු 55ක් රැස්කරගෙන සිටි පාකිස්තානු නායකයා ජයසූරියගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් 3 වැනි කඩුල්ල ලෙසින් දැවී ගියේය. ඒ අනුව තරගය නතර කරන අවස්ථාව වන විට අබ්දුල්ලා සෆීක් ලකුණු 112ක් සහ මොහොමඩ් රිස්වාන් ලකුණු 7ක් ලබා කඩුල්ලේ රැඳී සිටියිැ.

කෙසේ වෙතත් දිනේෂ් චන්දිමාල් ලැබූ නොදැවී ලකුණු 86ක් සමඟින් පෙරේදා දිනයේදී කඩුලු 9කට ලකුණු 329ක් ලබා සිටි ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 8ක් එක්වෙද්දී ප්‍රභාත් ජයසූරියගේ ඉනිම ලකුණු 4කට සීමා කිරීමට නෂීම් ෂා සමත්වීමත් සමඟම ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 337කට සීමා විය.

මෙවරද හුදෙකලා ඉනිමක නිරත වූ දිනේෂ් චන්දිමාල් විනාඩි 221ක් පුරා කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 139කට මුහුණ දී හතරේ පහර 5ක් හා හයේ පහර දෙකක්ද සමඟින් නොදැවී ලකුණු 94ක් ලබාගත්තේය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා

පළමුව ලකුණු රැස්කළ ශ්‍රී ලංකාව

පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 222ක් ලබාගත් අතර, එයට පිළිතුරු සැපයූ පාකිස්තානය ලකුණු 218කට සීමා කිරීමට ප්‍රභාත් ජයසූරිය ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකියාව ලැබිණි. ලකුණු 4ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඇරැඹූ ශ්‍රී ලංකාව වෙනුවෙන් චන්දිමාල්ට අමතරව කුසල් මෙන්ඩිස් ලකුණු 76ක් හා ඕෂධ ප්‍රනාන්දු ලකුණු 64ක් ලබාගත්හ.  

ල ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව පළමු ඉනිම _ 222

(දිනේෂ් චන්දිමාල් 76, මහීෂ් තීක්‍ෂණ 38,

ඕෂධ ප්‍රනාන්දු 35, කුසල් මෙන්ඩිස් 21, ධනංජය ද සිල්වා 14, කසුන් රාජිත 12,

රමේෂ් මෙන්ඩිස් 11, ශාහීන් ෂා අෆ්රිඩි 4/58, හසන් අලී 2/23, යෂීර් ෂා 2/66)

පාකිස්තානය පළමු ඉනිම _ 218

(බාබර් අසාම් 119, මොහොමඩ් රිෂ්වාන් 19, යෂීර් ෂා 18, ප්‍රභාත් ජයසූරිය 5/82,

රමේෂ් මෙන්ඩිස් 2/18, මහීෂ් තීක්‍ෂණ 2/68, කසුන් රාජිත 1/42)

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම _ 3

(දිනේෂ් චන්දිමාල් නොදැවී 94, කුසල් මෙන්ඩිස් 76, ඕෂධ ප්‍රනාන්දු 64,

රමේෂ් මෙන්ඩිස් 22, ධනංජය ද සිල්වා 20, නවාස් 5/88, යසීර් ෂා 3/122, හසන් අලී 1/19, නෂීම් 1/24)

පාකිස්තානය දෙවැනි ඉනිම

ඉමාම් උල් හක් ස්ට.දික්වැල්ල ප. රමේෂ් 35

අබ්දුල්ලා සෆීක් නොදැවී 112

අසාර් අලී ඇ. ධනංජය ප. ජයසූරිය 06

බාබර් අසාම් ප. ජයසූරිය   55

මොහොමඩ් රිෂ්වාන් නොදැවී        07

අතිරේක 07

මුළු ලකුණු (පන්දුවාර 85කදී කඩුලු 3කට) 222

පන්දු යැවීම _ රාජිත 9-2-18-0, ජයසූරිය 35-6-89-2, රමේෂ් 26-0-76-1, තීක්ෂණ 11-2-29-0, ධනංජය 4-1-3-0

ඡායාරූප අනුග්‍රහය –

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයකුණු පුවරුව

ශ්‍රී ලංකාව පළමු ඉනිම _ 222

(දිනේෂ් චන්දිමාල් 76, මහීෂ් තීක්‍ෂණ 38,

ඕෂධ ප්‍රනාන්දු 35, කුසල් මෙන්ඩිස් 21, ධනංජය ද සිල්වා 14, කසුන් රාජිත 12,

රමේෂ් මෙන්ඩිස් 11, ශාහීන් ෂා අෆ්රිඩි 4/58, හසන් අලී 2/23, යෂීර් ෂා 2/66)

පාකිස්තානය පළමු ඉනිම _ 218

(බාබර් අසාම් 119, මොහොමඩ් රිෂ්වාන් 19, යෂීර් ෂා 18, ප්‍රභාත් ජයසූරිය 5/82,

රමේෂ් මෙන්ඩිස් 2/18, මහීෂ් තීක්‍ෂණ 2/68, කසුන් රාජිත 1/42)

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම _ 3

(දිනේෂ් චන්දිමාල් නොදැවී 94, කුසල් මෙන්ඩිස් 76, ඕෂධ ප්‍රනාන්දු 64,

රමේෂ් මෙන්ඩිස් 22, ධනංජය ද සිල්වා 20, නවාස් 5/88, යසීර් ෂා 3/122, හසන් අලී 1/19, නෂීම් 1/24)

පාකිස්තානය දෙවැනි ඉනිම

ඉමාම් උල් හක් ස්ට.දික්වැල්ල ප. රමේෂ් 35

අබ්දුල්ලා සෆීක් නොදැවී 112

අසාර් අලී ඇ. ධනංජය ප. ජයසූරිය 06

බාබර් අසාම් ප. ජයසූරිය   55

මොහොමඩ් රිෂ්වාන් නොදැවී        07

අතිරේක 07

මුළු ලකුණු (පන්දුවාර 85කදී කඩුලු 3කට) 222

පන්දු යැවීම _ රාජිත 9-2-18-0, ජයසූරිය 35-6-89-2, රමේෂ් 26-0-76-1, තීක්ෂණ 11-2-29-0, ධනංජය 4-1-3-0

ඡායාරූප අනුග්‍රහය –

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

විචිත්‍ර වීරසිංහ _ ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් පිටියේ සිට.