පළමු විස්සයි-20 තරගයෙන් නවසීලන්තයට ලකුණු 31ක ජයක්

0
36

සංචාරක නවසීලන්තය සහ අයර්ලන්තය අතර පැවැති පළමු විස්සයි-20 තරගයෙන් ලකුණු 31ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ඊයේ නවසීලන්තයට හැකිවීම හේතුවෙන් තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට නවසීලන්තයට හැකිවිය.

බෙල්ෆාස්ට්හිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර-20 අවසානයේදී කඩුලු 8කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 173කි. එහිදී ග්ලෙන් පිලිප්ස් නොදැවී ලකුණු 69ක් ලබාගත් අතර, අයර්ලන්තය වෙනුවෙන් ජොෂ් ලිට්ල් කඩුලු 4ක් දවාගත්තේය.

පිළිතුරු ඉනිම දියත් කළ අයර්ලන්තයට පන්දුවාර 18.2කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 142ක් පමණි. ලොකී ෆර්ගියුසන් කඩුලු 4ක් බිඳහෙළමින් නවසීලන්ත පිලට ජයග්‍රහණයට අවශ්‍ය මාර්ගය සකසා දුන්නේය. 

ලකුණු සාරාංශය

නවසීලන්තය – 173/8 (ග්ලේන් පිලිප්ස් නොදැවී 69, ජොෂ් ලිට්ල් 35/4)

අයර්ලන්තය – 142 (ලොකී ෆර්ගියුසන් 14/4, ජේම්ස් නීෂම් 19/2, මිචෙල් සැන්ට්නර් 36/2)