කෝට්ටේ ජනාධිපතිට පෙරළිකාර ජයක්

0
26

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගයකදී කොළඹ ආනන්ද විද්‍යාලයට එරෙහිව ලකුණු 11ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට රාජගිරිය ජනාධිපති විද්‍යාලය සමත්විය.

මෙම තරගයකදී කොළඹ මහානාම විද්‍යාලයේ දුල්නිත් සිගේරා පාදුක්ක සිරි පියරතන විද්‍යාලයට එරෙහිව පන්දු 76කදී හතරේ පහර 14ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 132ක් රැස් කළේය.

කොළඹ  මහානාම _ පාදුක්ක සිරි පියරතන

මහානාම 292 (දුල්නිත් සිගේරා 132, සිතික කුලතුංග 37, ගඟුල් ගිම්සර 34/4, දිනිල් දම්සිත් 75/3), සිරි පියරතන 113 (හසිත තාරුක 30, ගිමන්ත දිසානායක 12/4, චාමික හීනටිගල 18/3)

මහානාම විද්‍යාලයට ලකුණු 179ක ජයක්.

මොරටුව වේල්ස් කුමර – මොරටු විද්‍යාලය

වේල්ස් කුමර -228/8 (රිවිත් ජයසූරිය 87, සුවස් ප්‍රනාන්දු 38, ඉසුරු ප්‍රනාන්දු 39/3, මලිත් ප්‍රනාන්දු 37/2), මොරටු විද්‍යාලය -213 (ඉසුරු ප්‍රනාන්දු 93, දෙනෙත් සිතුමිණ 55,  රිවිත් ජයසූරිය 41/4, පහන් බිනර 41/3)

වේල්ස් කුමර විද්‍යාලයට ලකුණු 15ක ජයක්.

රත්ගම දේවපතිරාජ _ මාතර ශාන්ත තෝමස්

දේවපතිරාජ -119 ( (දර්ශක සංදීප් 51, කන්සිළු ගිම්හාන 17/4, මනුග යොනාල් 12/2, ලසිත දික්සිත් 16/2), ශාන්ත තෝමස් -68 (මතීෂ සාරංග 16/3, දර්ශක සංදීප් 5/2, තරුෂ නිම්සර 6/2, හිරාන් චාමිකර 11/2)

දේවපතිරාජ විද්‍යාලයට ලකුණු 51ක ජයක්.

රාජගිරිය ජනාධිපති-කොළඹ ආනන්ද

ජනාධිපති -155 (කවීෂ යෂ්මික 46, අමීෂ පෙරේරා 36/3, යසඳු කිරිඇල්ල 17/2, දිනාධ අතලගේ 14/2), ආනන්ද -144 (මිහින් මුණසිංහ 26, සනිතු නෙත්මිණ 22/4, සසිඳු අවිෂ්ක 19/2, කවීෂ යෂ්මික 27/2)

ජනාධිපති විද්‍යාලයට ලකුණු 11ක ජයක්.

ගාල්ල මහින්ද_මාතර රාහුල

රාහුල -149/9 (සසිනු බැට්ටගේ 45, සෙනුක දංගමුව 13/4, නකිල් ජයවීර 42/3), මහින්ද 152/4 (නිකිල් ජයවීර  83, සෙනුක දංගමුව නොදැවී 38)

මහින්ද විද්‍යාලයට කඩුලු 6ක ජයක්.

ඉෂාන් රශ්මිත