කතරගම ඇසළ උළෙලට කඳුකරයෙන් පාගමනක්.

0
22

කතරගම ඇසළ පෙරහරට වාර්ෂිකව පාගමනින් ගොස් සහභාගි වන වතුකරයේ පළමු කණ්ඩායම (18දා) පස්වරුවේ නල්ලතන්නිය සහ මස්කෙළිය යන ප්‍රදේශවල සිට ගමන් ඇරැඹූහ.

මේ මස (29දා) කතරගම ඇසළ පෙරහර ආරම්භ කිරීමට නියමිතය.

හැටන්, නුවරඑළිය, වැලිමඩ, බණ්ඩාරවෙල, වැල්ලවාය, ලුණුගම්වෙහෙර හරහා කිලෝමීටර් 240ක් පාගමනින් ගමන් කරන මෙම කණ්ඩායම මේ මස 28දා කතරගම පූජා භූමියට ළඟා වන බව එම පාගමනට සහභාගි වී සිටින බැතිමතකු පැවැසීය.

දිනකට කිලෝමීටර් 20-25 අතර දුර ප්‍රමාණයක් පා ගමනින් ගමන් කරන මොවුහු එම ප්‍රදේශවල තිබෙන වෙහෙර විහාරස්ථාන සහ හින්දු කෝවිල්වල රාත්‍රි කාලයේ  විවේක ගෙන ඊට පසු දින යළිත් ගමන් ආරම්භ කරති.

නොර්වුඩ් – නීටා පත්ම කුමාරි