එංගලන්ත ටෙස්ට් නායකයාට එක්දින පිටිය එපා වෙයි

0
143

එංගලන්ත ටෙස්ට් නායක සහ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් තමන් එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව නිවේදනය කළේය.

මේ වන විට 31 හැවිරිදි වියේ පසුවන ස්ටෝක්ස් ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුදීමට ගනු ලැබූ තීරණය පිළිබඳව අදහස් දක්වමින් පවසා තිබුණේ එංගලන්ත ටෙස්ට් නායකත්වයද දරමින් තරග රටා ත්‍රිත්වයම ක්‍රීඩා කිරීම තමන්ට අපහසු කරුණක් බවයි.

බෙන් ස්ටොක්ස් තම ක්‍රීඩාදිවිය තුළ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 104කට ක්‍රීඩා කර ඇති අතර, පසුගිය 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ වීරයා ලෙසින්ද ඔහු සම්මාන හිමිකරගනු ලැබීය.

එංගලන්තය වෙනුවෙන් එක්දින ශතක 3ක් සහ එක්දින කඩුලු 74කට හිමිකම් කියන ස්ටොක්ස් එක්දින ජාත්‍යන්තර පිටියේ ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 2919කි.