ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි

0
45

දිවයිනේ මධ්‍යම, උෟව, නැඟෙනහිර සහ උතුරු – මැද පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද (20දා) තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඊට අමතරව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

කළුතර සිට ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ. කි. මී. 50-60 දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බව සඳහන් වේ.

චන්දන ලක්මාල්