අභියෝගකාරී වාතාවරණයන් හමුවේ Prime Group සිය පොරොන්දු ඉටු කරමින් ඉදිරියටම

0
57

කොළඹ 05 කස්සප පාරේ ඉදිකෙරුණු සහාධිපත්‍ය නිවාස ව්‍යපෘති Condominium Projects දෙකක් සාර්ථක ලෙස පාරිභෝගිකයන් අතට පත් කරයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සමාගමක් වන Prime Lands Residencies PLC විසින් ඔවුන්ගේ සහාධිපත්‍ය ව්‍යාපෘති සමූහයට තවත් සාර්ථකව ඉදිකර නිම වූ ව්‍යාපෘති දෙකක් පසුගියදා එක් කළේය. කොළඹ 5 කස්සප පාරේ ඉදිකෙරුණු Java 25 සහ Desire සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘතීන් පාරිභෝගිකයන් අතට පත් කිරීම ආරම්භ කෙරුණි. සුඛෝපභෝගී දිවි පෙවෙතක් පාරිභෝගිකයන් වෙත හිමි කරදීමට  නිරතුරුව කැපවන ප්‍රයිම් සමූහය ඔවුන්ගේ සෑම ඉදිකිරීමක් මෙන්ම Java 25 සහ Desire ද  උසස්ම තත්ත්ව ප්‍රමිතීන් හා සියලුම නියාමන අවශ්‍යතාවන්ට අනුකූල අන්දමින් නිර්මාණය කර ඇත

වර්තමාන අභියෝගාත්මක ආර්ථික තත්ත්වයක් තුළ වුවද පාරිභෝගිකයන්ගේ සිහින මල්ඵල ගන්වමින් ඉතා ඉහළ ඉල්ලුමක් පවතින කොළඹ 5 ප්‍රදේශයේ ඉදිකෙරුණු Java 25 සහ Desire නවීන පන්නයේ සුඛෝපභෝගී මහල් නිවාස ද්විත්වය පිළිබඳ අදහස් දක්වමින් Prime Lands Residencies හි විධායක අධ්‍යක්ෂ නලින්ද හීනටිගල මහතා මෙලෙස පවසා සිටියේය. ශ්‍රි ලංකාවේ විශාලතම හා ප්‍රමුඛතම දේපළ වෙළෙඳ සමූහය ලෙස පාරිභෝගිකයන්ගේ ජීවිතවලට නව බලාපොරොත්තුවක් රැගෙන එමින් ඔවුන්ගේ ජීවිත ආලෝකවත් කිරීමට අපට ලබා දිය හැකි සියලු ආකාරයේ පහසුකම් සැලසීමට ප්‍රයිම් සමූහය සැමවිටම කටයුතු කර තිබෙනවා.

පසුගිය වසර දෙකකට අධික කාල සීමාව තුළ කොවිඩ් වසංගතය හේතුවෙන් මෙන්ම විවිධ ආර්ථික අර්බුවකාරී තත්ත්වයන් හේතුවෙන් දේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රය විවිධ අභියෝග රැසකට මුහුණ දුන් බව අප සියලු දෙනා හොඳින් දන්නා කාරණයක් මෙම සෑම අභියෝගයක් සඳහාම සාර්ථක ලෙස මුහුණ දෙමින් ඉතා විශිෂ්ට අන්දමින් ඉදිකර නිම කෙරුණු මෙම සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘති පාරිභෝගිකයන්ගේ දෑතට දැන් පත්වෙමින් තිබෙනවා. මෙම ව්‍යාපෘතිවල සාර්ථකත්වය සඳහා අපට සහයෝගය ලබාදුන් නාගරික සංවර්ධන අධිකාරිය සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය ඇතුළු සියලුම පාර්ශ්වයන් වෙත අප මේ අවස්ථාවේ ස්තුතිවන්ත වනවා.”

ලොව නූතන ගෘහනිර්මාණ සැලසුම් හා ශිල්ප ක්‍රම භාවිත කරමින් අසමසම දිවි පැවැත්මක් ළඟා කරගැනීමට හැකි වන ලෙස ඉදිකෙරුණු මෙම සුඛෝපභෝගී සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘති දෙක සියුම් සැලසුම් සහ නවීන අංගයන් වලින් වැඩි දියුණු කරන ලද පුළුල් ඉඩකඩක් සහිත නිවාස 25කින් සහ 35කින් සමන්විත වනවා තවද විදුලි සෝපාන පහසුකම්, පිහිනුම් තටාක, ශාරීරික සුවතා මධ්‍යස්ථානයක් පැය 24 පුරා ආරක්ෂාව සහ වාහන නැවැත්වීමේ පහසුකම්වලින් මෙම නිවාස සංකීර්ණය සමන්විතයි. සෑම අංගයක් සම්බන්ධයෙන් සියුම්ව හා  දැඩි අවධානයෙන් සැලසුම් කළ මෙම ව්‍යාපෘතිය උපරිම අන්දමින් ස්වාභාවික ආලෝකයට විවරවන පරිදි ඉදිකර තිබෙනවා මෙහි නිවාස විශේෂයෙන්

නිර්මාණය කර ඇත්තේ නිවැසියන්ගේ පෞද්ගලිකත්වය අතිශයින්ම සුරක්ෂිතවන අයුරින් හා  නගරයෙහි දර්ශනයද  රිසි සේ නැරඹීමේ හැකියාව ඇති අයුරින්. “ශ්‍රී ලංකාවේ වඩා ගෞරවනීය පෙදෙසක ඉහළ ජීවන රටාවකට හිමිකම් කීමට කැමති වටිනා ගනුදෙනුකරුවන් වෙනුවෙන් කොළඹ 5 සහ 7 ප්‍රදේශ මායිම් කරමින් ඉදිකෙරුණු මෙම සහාධිපත්‍ය නිවාස සංකීර්ණය කොළඹ විශාඛා විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය සහ රාජකීය විද්‍යාලය සඳහා පහසුවෙන් පිවිසිය හැකි ස්ථානයක පිහිටා තිබෙනවා කොළඹ නගර මධ්‍යයේ පිහිටි මෙම මහල් නිවාස ව්‍යපෘති දැනටමත් දේශීය සහ විදේශීය ආයෝජකයන් අතර වඩාත් ආකර්ෂණයට ලක්වී තිබෙනවා”

“ශ්‍රී ලංකාවේ විශාලතම දේපළ වෙළෙඳ සමාගම ලෙස සිය කීර්තිනාමය එලෙසම රඳවා ගනිමින් LMD’s Brands Annual 2022 මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපල වෙළඳාම් පාරිභෝගික සන්නාමය The Best of The Best පිළිගැනීම සහ මෙරට වටිනාම දේපල පාරිභෝගික සන්නාමය ලෙස Prime Lands Residencies නම් දරා තිබෙනවා තවද වසර ගණනාවක පාරිභෝගික විශ්වාසය සුරකමින් සිවු වසරක් පුරාවට වඩාත්ම ගෞරවනීය දේපළ වෙළඳාම් සමාගම ලෙසත් අඛණ්ඩව වසර දෙකක් සඳහා වඩාත්ම සම්මාන ලැබූ දේපළ වෙළඳාම් ආයතනය ලෙසත් සම්මානයට පාත්‍ර වූවා ශ්‍රී ලංකාවේ සේවය කළ හැකි හොඳම සමාගම් අතරට අඛණ්ඩව සය වසරක් තේරී පත්වූ ප්‍රයිම් සමූහය එකම අරමුණක් වෙනුවෙන් පෙළ ගැසෙන ශක්තිමත් සේවක කණ්ඩායමකින් සන්නද්ධයි. අපගේ අරමුණ වනුයේ දේශීය ආර්ථිකය පණගන්වමින් රටේ ආර්ථික සංවර්ධනය උදෙසා හැකි උපරිම සහයෝගය ලබා දීමයි” හීනටිගල මහතා වැඩිදුරටත් පවසා සිටියා.