ස්වාධීන පක්ෂ එකමුතුවේ සහය ඩලස්ට ලු

1
369

ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ස්වාධීන පක්ෂ එකමුතුවේ සහය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට ලබා දෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

“අපේ පක්ෂවල එකතුවෙලා ඉන්න මන්ත්‍රීවරන් 16ක පමණ පිරිස අපි සියලු දෙනා ම හෙට අපේ ඡන්දය පාවිච්චි කරන්නේ ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුමගේ ජයග්‍රහණය වෙනුවෙන්. අපි ද්නනවා ස්ථිර වශයෙන් ම ඒ ජයග්‍රහණය නියතයි.”

ජනාධිපතිවරයෙකු වීමේ පෞද්ගලික වුවමනාවට වඩා මහ ජනතාව ගැන සිතා ගත් තීරණය පිළිබඳව මෙහිදී වීරවංශ මහතා විපක්ෂ නායකවරයාට සිය ස්තූතිය ප්‍රකාශ කළේ ය.

“මේ රටේ කෝටි ගණනක මහ ජනතාවගේ සියලු ම අනාරක්ෂිත හැඟීම්, මනෝභාවයන් නැති වෙන පාලනයක් තමයි මේ පිහිටුවන්නේ, නැති කරන්න පුළුවන් පාලනයක් තමයි මේ පිහිටුවන්නේ. ඒ වගේ ම ගාලු මුවදොර ඉන්න ඒ තරුණ අරගලකරුවන්ගේ අභිලාෂයන්ටත් ඇහුම්කන් දෙන ඒවාටත් ඉඩ දෙන පාලනයක්, ඒ අයගේ අදහස් සැලකිල්ලට භාජනය කරගෙන ඉදිරියට යන පාලනයකු යි මේ පිහිටුවන්න යන්නේ. ගැටුම්වලින් ඉදිරියට යන රටක් නෙමෙයි. මිතුදමින් සමගියෙන් බැඳෙමින් ඉදිරියට යන රටකුයි මේ මගින් නිර්මාණය වෙන්නේ. ඒ නිසා ඒ පිංකමට අතගහන්න.

බුද්ධිමත්ව කල්පනා කරන සියලු ම මහජන නියෝජිතයින් පාර්ලිමේන්තුවේ 225 ගැන තියෙන අඳුරු ආකල්පය නැතිකළ හැකි දවසක් හෙට. සර්වපාක්ෂික ජාතික එකඟතාවය ඇතිවෙන දවස හෙට, ඒ සර්වපාක්ෂික විවිධ වර්ණයන්ගෙන් ඇතිවෙන පාලනය නිර්මාණය කිරීම සඳහා දායකත්වය දීලා, අර 225 ගැන ම තියෙන අඳුරු චිත්‍රය නැති කරන්න ඔබේ දායකත්වය දෙන්න. ඒ නිසා අපේ පක්ෂ ඔක්කොගෙ ම එකමුතුවේ ඉන්න මන්ත්‍රීවරු 16ක පමණ පිරිස අපි සියලු දෙනාම හෙට අපේ ඡන්දය පාවිච්චි කරන්නේ ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුමගේ ජයග්‍රහණය වෙනුවෙන්. අපි දන්නවා ස්ථීර වශයෙන් ම ඒ ජයග්‍රහණය නියත යි.”

1 COMMENT

  1. ජනතාව බියවද්දා පණිවිඩ ඕනේද මේ කාලකණ්නි මූසල අමනයෝ අවජාතක සක්කිලි බල්ලෝ රටට ජනතාවට කර ඇති මේ භයානක වියශනය විපර්යාස හොදටම ඇති ජනතාව පාරට එන්න දේකෝටි විසිලක්ෂයම මරණය ඉදිරියේ දණින් වැටී ඇත දේපාලකයෝ මේ තරම් තිරිසන්නු තුප්පහි ජඩ සක්කිලි හැත්ත තොපි සේරම එලවන වාමයි ගෝඨා මයිනා කපුටා පැන්නූවා නමුත් රනිය සක්කිලි අවජාතක යා කන්න ඕකා ඉල්ලාන කන්නෙ කැරි රනියා තෝ රාජපක්ෂ හොරු න්ගෙ රෙදි සෝදන යන්ත්‍ර ය තොට වෙන දේ බලාගනිව් ඉතාම භයානකයි ජනතාව දැන් සීරුවෙන්

Comments are closed.