ඉන්ධන බෙදා හැරීම එළඹෙන 21 වන දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
ඔහු සඳහන් කළේ, ඒ සඳහා සාකච්ඡාවක් අද (ජූලි 19) සවස පැවැත්වූ බව ය.
ඉන්ධන අවසර පත ක්‍රියාත්මක වන තුරු රථ වාහන සඳහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණය සීමා කිරීමට තීරණය කළ බව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
ඒ අනුව, මෝටර් බයිසිකලයකට උපරිම රු.1500ක, ත්‍රී රෝද රථයකට රු. 2000ක සහ අනෙකුත් වාහන වෙනුවෙන් රු. 7000ක උපරිම මුදලකට පමණක් ඉන්ධන නිකුත් කරන බව ඔහු පැවසීය.
මෙම ක්‍රියාවලියට අනුගත නොවන පිරිස්වලට ඉන්ධන ලබා නොදීමට සහ අනුගත නොවන ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා නොහැරීමට ද තීරණය කළ බව අමාත්‍යවරයා එහි සඳහන් කර ඇත.
එහිදී 21 වන දින සිට වාහන ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව 0,1 හෝ 2න් අවසන් වන ඉලක්කම් සඳහා අඟහරුවාදා සහ සෙනසුරාදා දින දෙක, 3, 4 හෝ 5න් අවසන් ඉලක්කම් සඳහා බ්‍රහස්පතින්දා සහ ඉරිදා දින දෙක ත්, 6 , 7, 8 හෝ 9න් අවසන් ඉලක්කම් සඳහා සඳුදා, බදාදා සහ සිකුරාදා දවස් තුන අනුව ඉන්ධන ලබා දීම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
එමෙන් ම ජාතික ඉන්ධන අවසර පත අනුව ඉන්ධන ලබා දීම කොළඹ දිස්ත්‍රික්කයේ තෝරා ගත් පිරවුම්හල් කිහිපයක 21 වන දින සිට දින 3ක් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට ත් එය දීප ව්‍යාප්තව 25 වන දින සිට ක්‍රියාවට නැංවීමට එහිදී තීරණය කර ඇත.
ආරක්ෂක අංශ, යොවුන් සේනාංකය සහ තරුණ සේවා සභාවේ නිලධාරීන් සහ සාමාජිකයන් මගින් සෑම ඉන්ධන පිරවුම් හලක සේවකයන්ට, පැමිණෙන ජනතාවට මෙන් ම විවිධ ප්‍රදේශවල තාක්ෂණය පිළිබඳව ගැටලු ඇති ජනතාවට මෙම අවසර පත සමගින් ලියාපදිංචි වීමට අවශ්‍ය සහයෝගය ලබා දීමටද සැලසුම් කර ඇත.
අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කළේ, දැනට පෝලිම්වල ඇති වාහන ඉවත් කිරීමට නොහැකි නම්, එම අදාළ දිනයේ අංකයට අනුව පමණක් ඉන්ධන ලබා දී ඉවත් කිරීමට තීරණය කළ බව ත් ආරක්ෂක අංශ විසින් එම අංකයට සහ දිනයට අදාළ අංක සහිත රථ සඳහා පමණක් ඉන්ධන ලබා දීමට කටයුතු කිරීමට තීරණය කරන ලද බව ත් ය.
මගේ QR කෝඩ් එකට ලියා පදිංචි වීමට කො තෙක් උත්සාහ කලත් එහි චැසි අංකය සමග වාහනයේ අංකය සැසදෙන්නේ නැතිබව මැසේජ් එකක් එනව
නමුත් සියළුම ලියකියවිලි නිවැරදියි ටයිප් කලෙත් කිසිදු ධෝෂයක් නොහිටින ලෙස RMB එකටත් ගියා රට පුරාම ඒම දෝෂය සම්භන්දව පැමිණිලි ලැබෙන බව ඔවුන් පෙඅසනවා /දැන් මම මොකද්ද මේකට කරන්නේ
රාත්‍රි 12.00 පසු try කරන්න
ඔබ බින්දුව සහ English o අකුර වරදවා ගෙන තිබිය හැකිය .5 ඉලක්කම සහ S අකුර පටලවා ගෙන තිබිය හැකිය .සමාන ඉලක්කම් අකුරු වෙනස් කරමින් වරද සොයා බලන්න .අපට වැරදුනාට පරිගණකයට වරදින්නේ නැත.
මටත් ඒකම තමයි. මුලින් මැසේජ් එක ආවා වාහන අංකය සමග චැසි අංකය ගැලපෙන්නේ නෑ කියලා…දැං එනවා ඒපාර වාහන අංකය, චැසි අංකය හෝ වාහන වර්ගය නොගැලපෙන බව කියමින් මැසේජ් එකක්… අනේ මංදා…
මාත් 8 කියල ගහනව ගහනව පස්සෙ බැලින්නම් අට නෙමෙයි S එම නිසා සුපරික්ෂාකාරීවන්න
කැපිටල් අකුරැ කැපියල් ගහන්න
මම ටුවරිසම් කරන්නේ.ඒත් වැඩ කරන්න තෙල් නෑ.මටත් ඕකමයි තියන අවුල අප්‍රිකානු රටවලවත් මෙහෙම කාලකන්නිතුප්පහි පාලකයෝ නෑ.ශ්‍රී ලංකා රජය වැඩක් කලොත් ඉතිං නැට්ටේ ඉඳලම ගොම තමයි !!!☝
බිංදුව, O අකුර සමගද, අංක 5, S අකුර සමගද, අංක 1, I අකුර සමගද පටලවාගෙන ඇත්තේ දැයි බලන්න.එය සුලභව වන වරදකි.
අද උදේ මටත් ඔය ගැටලුවට මුහුණ දෙන්න සිසිදුවුණා.මම බයික්එකේ ඩොකි්යුමන්ට් එකක් බලාගෙන චැසිස් නම්බර් එක ටයිප් කලාමයි එහෙම වුනේ. පස්සේ නිකමට වාගේ ගිහින් බයික් එකේ නම්බර් එක තියෙන විදිය බලපුවාම කාරණය තේරුම්ගියා. ඩොකි්යුමන්ට් වල එක දිගටම අකුරු සමග නො.එක ටයිප් කරලායි තියෙන්නේ. නමුත් බයික් එකේ තියෙන්නේ ඉංග්‍රීසි අකුරු දෙක සමග ඉලක්කම් දෙකක අංකයක් කොටලා ඊට පස්සේ කෙටි ඉරක් කොටලායි ඊටත් පස්සේයි දිග නම්බර් එක කොටලා තියෙන්නේ. ඊට පස්සේ වැඩේ හරි ගිහින් qr code එක ආවා.
කැපිටල් අකුරු මැද හොදින් විමසිල්ලෙන් බලන්න..එතන “O”(ඕ”)අක්ෂරය යොදා ඇත්නම් බින්දුව යොදා උත්සහ කරන්න.
පිස්සොත් එක්ක අමාත්‍යාංශ කරන්න බෑ
Very good move. This will end the three-wheeler and bike fuel blackmarket mafia. We have been unable to get a drop of fuel for the past 2 months and I am facing a great problem to take my husband to hospital thrice a week. He cannot use public transport due to his condition and also we are not considered as essential services when fuel is allocated.
Please ensure this QR code system is implemented as planned after the completion of pilot project. We wish for its success!
Further please deploy three forces personnel to overcome technical issues, a help desk can be installed at each petrol service station.
When am trying to get the QR cord there is message that chassis no and vehicle no is not matching , this was happened to many of my friends .
Please find me a solution .
If it indicates as mismatch try during a time when the load is less…. it works..
ටැක්ටර් ගොයමිි කපන මැඝින් වලට QR නැහැ අපිට ගොඩ ගොවිතැන්වලට හාන්න තෙල්නැ මෙවාට විඝදුමිි කෝ අැමතිතුමා
If implemented the QR code for fuel distribution will put an end to lot of irregularities. Hence it is unlikely to be supported by the distribution network in the long run. Remember if something is too good to be true, it is not true.
IOC walin gahanna meka adala nane…digatama ioc gahanna cepetco ekata wada petrol hodai ewage kohomath service ekath hodai..anika laba labana ayathanakne hora boru wancha na lankawe company wage..
Same petrol QR dekatama adaalayi
ගොවිතැන් කරන ට්‍රැක්ටර් ගොයම් කපන මැෂින් තණකොළ කපන මැෂින් වලට කොහෙන්ද තෙල් දෙන්නේ ඒවාත් අත්‍යවශ්‍ය සේවා තමයි අපි ගොවිතැන් කරේ නැත්නම් උබලට කන්න වෙන්නේ පස්
48cc වාහන සදහා ඉන්ධන ලැබෙන්නේ කෙසේද, ලියාපදිංචි වාහන අංකයක් නොමැත
Login වෙනකොට mobile number not found කියලා වැටෙනවනෙ
Mkkd ekt kle.mgety ehmy
Some times there is space between letters in chases no pl chk leave saps e
Use computer not the mobile
After 12 pm is better
Rajaye sewakayantath me piliwala adalaida
මේ වෙබ් එක වැඩ නැ…මාස 2/3කටවත් රෙජිස්ටර් වෙන්න බැරි වෙයි…
බොහෝ විට රෙජිස්ටරයේ S අකුර 5 වගේ පෙනවා. හොදින් බලන්න
මට රෙජිස්ටර් වෙන්න බෑ. අන්තිම step එකේදි රෙජිස්ටර් දුන්නම
Already registered user කියල වැටෙනවා, ඒ උනාට රෙජිස්ටර් වෙලා නෑ. Log වෙන්න බෑ. මොකක් ද මේකට කරන්නෙ? Help
මම සියලුම දේවල් හරියට enter කරල register දුන්නම alredy registered කියල එනවනෙ.මට qr code එකක් ආවෙත් නැ.මොකද කරන්නේ.
මම එක වරම කරගත්තා…ඉතා පරපරීක්ෂාකාරීව වාහනයේ පොට අරගෙන විස්තර ඇතුලත් කරන්න ,වාහනය අස්සේ රිංගලා හොයන්න අවශ්‍ය නෑ..හරි පහසුයි .
මෙ මගුල හරියන්නෙ නැ අපිට දුර ගමනක් කවදාවත් යන්න වෙන්නෙ නැ රු:2000 ගහගෙන මොනවා කරන්නද කරන්න බැරිනම් පුලුවන් එකෙකුට දිලා පලයව් තවත් මෙ අපෙ රට කන්නෙ නැතිව
Comments are closed.