BREAKING NEWS: ජාතික ඉන්ධන අවසර පත්‍රය ක්‍රියාත්මක කරන දිනය මෙන්න: ඉන්ධන නිකුත් කරන දිනවල වෙනසක්

0
4398

ජාතික ඉන්ධන අවසර පත්‍රය යටතේ ඉන්ධන ලබා දීමේ දිනවල වෙනසක් කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එළඹෙන 21 වන දා සිට එම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ය.

ඒ අනුව, වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන අංකය 0,1,2 නම් අඟහරුවාදා සහ සෙනසුරාදා දිනවලදී ඉන්ධන ලබාගත හැකි ය.

වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන අංකය 3,4,5 නම් බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවලදී ඉන්ධන ලබාගත හැකි ය.

වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන අංකය 6,7,8,9 නම් සඳුදා, බදාදා, සහ සිකුරාදා දිනවලදී ඉන්ධන ලබාගත හැකිය.

ඔහු සඳහන් කළේ, එළඹෙන 21 සිට 24 දින දක්වා කොළඹ තෝරාගත් ප්‍රදේශවල ජාතික ඉන්ධන බලපත්‍රය යටතේ ඉන්ධන නිකුත් කිරීම අත්හදා බලන බව ය.

ඒ අනුව, ජූලි 25 වන සඳුදා සිට මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරට ත් පැවසීය.

අද පස්වරු 4.00 වන විට මෙම වැඩසටහන සඳහා මිලියන 2ක පිරිසක් ලියාපදිංචි වී තිබේ.

ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීම සම්බන්ධ තොරතුරු පහතින් කියවන්න.