රනිල්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ගැන පෙත්සම විසිවෙයි

0
314

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ම ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූලි 19) ඉවත දමා තිබේ.

ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය ලබා දෙනු ලැබ ඇත.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කර ඇත්තේ, වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ විරෝධතා පිළිගෙන පෙත්සම ප්‍රතික්ෂේප කරන බව ය.

අදාළ පෙත්සම නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් ගොනු කරනු ලැබ තිබිණි.

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීම, ඡන්දය භාවිත කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අදාළ පෙත්සම ගොනු කර තිබිණි.