අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු පහතට

0
329

ඉන්ධන මිල පහළ යාම හේතුවෙන් අද (ජූලි 19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සියයට 2.23කින් අඩුවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ආචාර්ය නිලාන් මිරෙන්ඩා මහතා පවසයි.

ඒ අනුව, මෙතෙක් පැවති අවම ගාස්තුව රු. 40 සිට රු.38 දක්වා පහත යනු ඇත.

මෙම මිල ඉහළ දැමීම පෞද්ගලික බස් රථ සහ ශ්‍රී ලං.ග.ම බස් රථවලට ද අදාළ වන බව ඔහු සඳහන් කෙළ් ය.

එමෙන් ම ඔහු සඳහන් කළේ සාමාන්‍ය සේවා, අර්ධ සුඛෝපභෝගී සේවා, සුඛෝපභෝගී සේවා සහ අධි සුඛෝපභෝගී සේවා යන සියලු ම සේවාවලට මෙම මිල සංශෝධනය අදාළ වන බව ය.

ජාතික ගමනා ගමන මණ්ඩලය මේ පිළිබඳව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට දැනුම් දී ඇති බව නිලාන් මිරෙන්ඩා මහතා මෙහිදී පැවසීය.

“මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මෙම බස් ගාස්තු අඩු වීම ලබා නොදුනහොත් ඒ බව පැමිණිලි කරන්න හැකියාවක් තියෙනවා. 1955 අපගේ ක්ෂණික ඇමතුම් අංකය පැය 24ක් පුරා ක්‍රියාත්මකයි. ඒ වගේ ම ජංගම පරීක්ෂකවරු හැකි සෑම ලෙසක ම යොදවලා තියෙනවා මෙම බස් ගාස්තු අය කර ගැනීම ගැන අධීක්ෂණය කරන්න.”