‘ජනතාව බිය වද්දන ප්‍රකාශ’ සම්බන්ධයෙන් පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

0
176

මහජනයා බිය වැද්දවිය හැකි, කැළඹිය හැකි හෝ වාර්ගික ප්‍රචණ්ඩත්වයට හේතු විය හැකි කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන ලෙස පොලිසිය මහ ජනතාවට දැනුම් දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, කටකතාවක්, අසත්‍ය ප්‍රකාශයක් හෝ පින්තූරයක් ඩිජිටල් ක්‍රමයකින් හෝ සමාජ මාධ්‍ය ඇතුළු වෙනත් කවර ක්‍රමයකින් සන්නිවේදනය කිරීම හෝ පැතිරවීම සිදුනොකළ යුතු බව ය.

එලෙස වැරදි කරන පුද්ගලයින්ට එරෙහිව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් මේ වනවිට ත් විමර්ශන ආරම්භ කර ඇති බව එහි දැක්වේ.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.