ෆැසිස්ට්වාදී රනිල් වික්‍රමසිංහ පරාජය කරන්න සියලු දෙනා එක්වන්න

0
20

රනිල් වික්‍රමසිංහ මෙරට ජනාධිපති වීම වැළැක්වීමට, ඔහුට සහාය නොදෙන පිරිස් එක්ව තනි අපේක්ෂකයකු ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පාර්ලිමේන්තු ඡන්දයට ඉදිරිපත් කළ යුතු බව නිවේදනයක් නිකුත් කරමින් එක්සත් වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් කීර්ති කාරියවසම් සඳහන් කර ඇත. 19  වැනි සංශෝධනය තවත් ශක්තිමත් කර විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වූ අවම වැඩපිළිවෙළක් රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන පිරිස් ඒ අනුව ඉදිරිපත් කළ යුතු බවද එක්සත් වාමාංශික පෙරමුණ සඳහන් කර තිබේ.

වත්මන් අර්බුද  විසඳීමට අත්‍යවශ්‍ය  සර්වපාක්ෂික ආණ්ඩුවක් රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් ගොඩනැඟිය නොහැකි බවද එම නිසා ඇතිවිය හැකි තත්ත්වයේ භයානකකම හඳුනාගෙන ෆැසිස්ට්වාදී රනිල් වික්‍රමසිංහ ජනාධිපති සටනින් පරාජය කිරීමට සියලු දෙනා එක්විය යුතු යැයිද එක්සත් වාමාංශික පෙරමුණ නිවේදනය කර තිබේ.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය