හිටපු ඇමැති විමල්ට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩුව සැප්තැම්බර් 13 විභාගයට

0
10

අමාත්‍යවරයකු ලෙස සේවය කරමින් සිය නීත්‍යනුකූල ආදායම අභිභවා රුපියල් මිලියන හැත්තෑ පහකට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගත් බවට අල්ලස් කොමිසම හිටපු අමාත්‍ය විමල් වීරවංශ යන අයට එරෙහිව ගොනු කරනු ලැබූ නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නඩුව ලබන සැප්තැම්බර් 13 වැනි දින කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (18දා) නියෝග කළේය.

පසුගිය දින මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරුට පැමිණිල්ල විසින් අධිචෝදනා පත්‍රය කියවා දීමෙන් අනතුරුව විත්තිකරු විසින් සියලු චෝදනාවලට තමන් නිවැරදිකරු බවට ප්‍රකාශ කර තිබිණි.

ඉකුත් 2010 ජනවාරි මස පළමු වැනිදා සිට  2014 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයකු ලෙස සේවය කරමින් සිය නීත්‍යනුකූල ආදායම අභිභවා රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අල්ලස් පනත යටතේ විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර තිබිණි.

හංසි නානායක්කාර