වාර්ෂික ක්‍රිකට් තරගය 21 වැනිදා සිට

0
17

ශ්‍රී  ලංකාවේ දීර්ඝතම ඉතිහාසයක් සහිත ක්‍රිකට් තරගාවලිය ලෙසින් සැලකෙන කොළඹ රාජකීය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් අතර පැවැත්වෙන ‘නිල් මහා සටන’ 143වැනි වාර්ෂික ක්‍රිකට් තරගය මෙම මස 21 වැනිදා සිට 23 වැනිදා දක්වා කොළඹ එස්.එස්.සී. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

 මහාමාන්‍ය ඩී.එස්. සේනානායක අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන මෙම ක්‍රිකට් තරගය කිසිදු ප්‍රෙක්ෂක සහභාගිත්වයකින් තොරව පැවැත්වීමට රාජකීය-ාසාන්ත තෝමස් තරග සංවිධායක කමිටුව තීරණය කර තිබේ. ශ්‍රී  ලංකාව තුළ වර්තමානයේදී පවත්නා ආර්ථික අර්බුදකාරී වාතාවරණයත්, කොවිඩ්-19 වයිරස් වසංගත තත්ත්වය නැවතත් හිස ඔසවමින් පැවැතීමත් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවද සඳහන්ය.

මෙවර නිල් මහා සටනේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක රයන් ප්‍රනාන්දුට හිමව ඇති අතර, වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ගිහාන් බාලසූරිය රාජකීය විදුහල් කණ්ඩායම මෙහෙයවනු ඇත. එමෙන්ම නිල් මහා සටන් ඉතිහාසයේ දෙපිළම තරග 35 බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවෙයි.

මෙවරත් 143 වැනි නිල් මහා සටන සඳහා ශ්‍රී  ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසියාටා සමාගම නිල අනුග්‍රාහකත්වය සපයනු ලබයි. ඩයලොග් ආසියාටා සමාගම නිල් මහා සටන සඳහා අනුග්‍රාහකත්වය සපයනු ලබන්නේ 14 වැනි වරට වීමද විශේෂත්වයකි.