වරාය අධිකාරියේ සිදුවී ඇති දූෂණ හා අක්රමිකතා පිළිබඳ තොරතුරු ඇත්නම් එම තොරතුරු තම වෘත්තීය සමිතියට ඉදිරිපත් කළ හැකි බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය පවසයි.
ඒ අනුව එවැනි තොරතුරු ඉදිරිපත් කිරීමට දුරකථන අංකයක් ද හඳුන්වා දීමට වරාය පොදු සේවක සමිතිය පියවර ගෙන ඇත.
එම තොරතුරු 0718443028 යන දුරකථන අංකයට ඉදිරිපත් කළ හැකි යැයි සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය සඳහන් කර තිබේ. වරාය අධිකාරිය තුළ පසුගිය සමයේ මහා පරිමාණ දූෂණ හා වංචා සිදුව ඇති බවද එවැනි දේ පිළිබඳ තොරතුරු යම් අය සතුව තිබුණද පැවැති දේශපාලන අධිකාරිය යටතේ එම තොරතුරු ඉදිරිපත් කිරීමට ඔවුන් ඉදිරිපත් නොවූ බවද වරාය පොදු සේවක සමිතිය සඳහන් කර ඇත.
එහෙත් මේ මොහොතේ අරගලයක් මඟින් එම දේශපාලන අධිකාරීන් බිඳ දමා ඇති නිසා ඕනෑම කෙනකුට රටේ වෙන දූෂණ වංචා අක්රමිකතා සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කළ හැකි බවද එය ජනතාව ලැබූ ජයග්රහණයක් බවද සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය සඳහන් කර ඇත.
ක්රිෂාන් පතිරත් ජයසූරිය