යතුරුපැදිය තාප්පයේ ගැටී පාසල් සිසුවා ජීවිතක්‍ෂයට

0
17

අලදෙණිය උල්ලදුපිටිය මාර්ගයේදී පෙරේදා (17දා) සිදුවූ අනතුරකින් වැරැල්ලගම ප්‍රදේශයේ 17 හැවිරිදි පාසල් සිසුවකු එම ස්ථානයේදීම මියගොස් ඇත.

මියගිය සිසුවා මිතුරකු සමඟ යතුරුපැදියකින් ගමන් ගනිමින් සිටියදී තාප්පයක ගැටී අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ නුගවෙල මධ්‍ය මහා විදුහලේ කලා අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටි ගිම්හාන් නිම්සර දිසානායක නමැති සිසුවෙකි.

යතුරුපැදියේ පසුපස ගමන් ගත් පුද්ගලයා බරපතළ තුවාල ලැබ පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, මියගිය සිසුවාගේ පියා සිද්ධිය සම්බන්ධයෙන් කියා සිටියේ “පුතාට ලයිසන් නැති නිසා එයා යාළුවෙක් එක්ක අතුරු පාරකින් අලදෙණියට ගිහින් තියෙනවා. ඒ යනකොට තමයි යතුරුපැදිය තාප්පෙක හැප්පිලා තියෙන්නේ.”

මහනුවර   – කේ. එල්. සුරවීර