බස් ගාස්තුව රුපියලකින් බහී

0
13

ඉන්ධන මිල රුපියල් විස්සකින් 20කින් අඩු වීමත් සමඟ නව බස් ගාස්තු රුපියලකින් අඩු වනු ඇති බව ජාතික ගමනාගමන කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය

ඒ අනුව අවම බස් ගාස්තුව වූ රුපියල් 40.00 බොහෝ දුරට හෙට (20දා) සිට රුපියල් 39.00ක් වනු ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවැසුවේය.

නව සංශෝධන මිල ගණන් අද (19දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට විෂය භාර අමාත්‍යවරයා වෙත යොමුකර ඇති බවත් හෙතෙම කීය.

අවම බස් ගාස්තුව රුපියලකින් වෙනස් වුවත් අධිසුඛෝපභෝගී ඇතුළු දුර ගමන් බස් රථ සේවාව සඳහා වන මිල සංශෝධනය සුළු මුදලක් වැඩි වනු ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවැසුවේය.

මිතුන් ජයවර්ධන