බන්දුල ඇමැතිකමෙන් අස්වී නෑ

0
20

රට තුළ පසුගිය 9 වැනිදා උද්ගත වූ  තත්ත්වය සැලකිල්ලට ගනිමින් තමා ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය  අමාත්‍ය ධුරයෙන් හා ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව  ඇමැති බන්දුල ගුණවර්ධන ෆේස්බුක් සටහනක් තබා තිබිණි. 

එවැනි පසුබිමක නව බස් ගාස්තු සංශෝධනය සඳහා අමාත්‍යාංශ අනුමැතිය කෙසේ ලැබෙන්නේ දැයි අප කළ විමසීමේදී විෂය භාර අමාත්‍යවරයා ලෙස බන්දුල ගුණවර්ධන තවමත් කටයුතු කරන බවත් ඔහු ඉල්ලා අස්වී නොමැති බවත් අමාත්‍යාංශ ලේකම්වරයා තමාව දැනුවත් කර ඇති බව ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂවරයා පැවැසීය.

ඒ අනුව බස් ගාස්තු සංශෝධනය සඳහා අනුමැතිය ලබා ගැනීමට විෂය භාර ඇමැතිවරයා වෙත යොමු කර ඇති බව ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ආචාර්ය නිලාන් මිරැන්ඩා පැවැසීය. 

සංශෝධනයේදී බස් ගාස්තුව සුළු මුදලකින් අඩු වනු ඇති බවත් එම මිල ගණන් වෙනස් වීම පිළිබඳව අමාත්‍යාංශ අනුමැතිය අද (19දා) දිනයේ ලැබීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය.

බන්දුල ගුණවර්ධන මහතා ඉල්ලා අස්වීමට නියමිත බවට මාධ්‍ය වාර්තා කර තිබුණාත්  ඒ සම්බන්ධව ඔහු 09 වැනිදා තබා තිබූ ෆෙස්බුක් සටහන මේ වන විට ඉවත් කරගෙන තිබේ.

මිතුන් ජයවර්ධන