පේරාදෙණිය රෝහලේ අද හදිසි ප්‍රතිකාර පමණයි

0
7

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා ඉන්ධන ලබානොදීම හේතුකොට ගෙන අද (19දා) දින සිට හදිසි ප්‍රතිකාර සේවා පමණක් කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ලේකම්වරයා වෙත ලිපියක් යවමින් දැනුම් දී තිබේ.

පේරාදෙණිය ශික්ෂණ රෝහලෙහි සියලුම කාර්ය මණ්ඩලවලට ඉන්ධන ලබාගැනීමට නොහැකිව සිටින බවත් ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසා ඉන්ධන ලබාදීමෙන් පසුව සාමාන්‍ය සුපුරුදු සේවා ඉටුකරන බවත් එම සංගමය සඳහන් කරයි.

පෝලිම්වලදී එල්ලවන මහජන විරෝධය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් ඉන්ධන නිකුත් නොකරන බවත් මේ  හේතුවෙන් රාජකාරියට වාර්තා කිරීම දුෂ්කර වී තිබෙන බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

පේරාදෙණිය ශික්ෂණ රෝහලෙහි සියලුම කාර්ය මණ්ඩලවලට මෙම ගැටලුව එකසේ බලපා තිබෙන බවත් අද (19දා) සිට හදිසි සේවා පමණක් ඉටුකිරීමට එම කාර්ය මණ්ඩල ගෙන ඇති තීරණයට හෙද සේවාවද එක්වන බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

අමිත් මධුරංග ගමගේ