දෙවැනි මනාපය ලකුණු නොකරන්න පොදුජන පෙරමුණ තීරණය කළා

0
11

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයයේදී දෙවැනි මනාපයක් සලකුණු නොකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කළ බව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව එදිරිමාන්න ‘මව්බිම’ට පැවැසීය.

මේ පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (18දා) පැවති අතර ඒ අනුව දෙවැනි මනාපයක් සටහන් කිරීම අවශ්‍ය නැති බවට පක්ෂයේ ඉහළ පෙළේ නායකයන් එම සාකච්ඡාවේදී ප්‍රකාශ කළ බව සංජීව එදිරිමාන්න මන්ත්‍රිවරයා කීවේය.

ඒ අනුව පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා කලින් සඳහන් කළ පරිදි රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන බහුතර මන්ත්‍රි කණ්ඩායමක් කටයුතු කරන බවද සංජීව එදිරිමාන්න මන්ත්‍රිවරයා කීය.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය