තරුණයන් තිදෙනකුට පහර දුන්නැයි සේරුනුවර පොලිසියට එරෙහිව විරෝධයක්

0
12

ඉන්ධන ලබා ගැනීමට පෝලිමේ සිටියදී ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයන් තිදෙනකු පොලිසියට රැගෙන ගොස් පහර දුන් බව කියමින් සේරුනුවර පොලිසියට විරුද්ධව ප්‍රදේශවාසීන් පෙරේදා (17දා) පෝස්ටර්, බැනර් ප්‍රදර්ශනය කරමින් හා පොල් ගසමින්ද උද්ඝෝෂණයක නිරතවූහ.

මේ වනවිට පහරකෑ පුද්ගලයන් රිමාන්ඩ් කර ඇති බවත් එක් පුද්ගලයකුගේ දතක් කැඩී ඇති අතර ඔවුන් ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබන බවත් උද්ඝෝෂකයෝ සඳහන් කරති. මේ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් කරන ලෙසද ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.සේරුනුවර සහකාර පොලිස් අධිකාරි රත්නායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මේ පිළිබඳව දැනටමත් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට ඇති බවය.

කන්තලේ – ඩබ්. එම්. වික්‍රමසිංහ