කොළඹ ෂෙඩ්වල පිට ත්‍රීවීලර් වැහි වැහලා

0
11

කොළඹින් බැහැර ත්‍රිරෝද රථද කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි අයි.ඕ.සී. ඉන්ධනහල් වෙත පැමිණීම හේතුවෙන් ත්‍රිරෝද රථ පෝලිම් කිලෝමීටර් ගණන් දිගු වී තිබේ.

කොළඹ හා තදාසන්න ප්‍රදේශවලින් බැහැරව අයි.ඕ.සී. ඉන්ධනහල් නොමැති වීම සහ අවම වීම හේතුවෙන් ඔවුහු වැඩි වශයෙන් මෙලෙස පැමිණෙමින් සිටිති.

බහුතරයක් වූ ත්‍රිරෝද රථ හිමිකරුවන් පෙට්රල් වැඩි මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක කර ඇති අතර මේ නිසා ඔවුහු ඉන්ධන පෝලිම්වලට නිරන්තරයෙන් පැමිණෙමින් ඉන්ධන එකතු කිරීමේ ක්‍රියාවලියක නිරත වෙති. මෙම ඉන්ධන ජාවාරම්කරුවෝ පෙට්රල් ලීටරයක් රුපියල් 2,700ත්, 3,000ත් අතර මිලකට අලෙවි කරති. මේ තත්ත්වය මැද කුලී ගමනකට හෝ මාර්ගයේ ත්‍රිරෝද රථයක් නොමැති වාතාවරණයක් නිර්මාණය වී තිබේ.

චාමර අමරසූරිය