ක්‍රිකට් විනිසුරුවන් හැඩකරන්න මාස් එක්වෙයි

0
29

ශ්‍රී  ලංකා පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ විනිසුරුකරණයේ යෙදෙන ප්‍රධානතම සංගමය වන ශ්‍රී  ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය වෙත රුපියල් ලක්ෂ 50ක් වටිනා ටී ෂර්ට් සඳහා අනුග්‍රාහකත්වය දැක්වීමට ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන මාස් හෝල්ඩිංස් ආයතනය පියවර ගෙන තිබේ.

දෙහිවල එස්.ද.එස්. ජයසිංහ අනුස්මරණ ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැති එම සංගමයේ 76 වැනි මහා සභා රැස්වීමේදී අදාළ අනුග්‍රාහකත්වය එම සංගමයේ උප සභාපතිවරයකු වන ඇන්ඩෘ ප්‍රනාන්දු මහතා විසින් එම සංගමයේ සභාපති ප්‍රේමනාත් සී. ‍ෙදාලවත්ත මහතා වෙත ලබා දී තිබිණි.

ශ්‍රී  ලංකාව පුරා සිටින ක්‍රිකට් විනිසුරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම මහා සභා රැස්වීමේදී සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සංකේතාත්මකව ටී ෂර්ට් බෙදා දීම ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ විනිසුරු සංගමයේ සභාපති ප්‍රේමනාත් සී. ‍ෙදාලවත්ත යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදු විය.

එම අවස්ථාව සඳහා මෙම සංගමයේ ලේකම් උපුල් වෑවගේ, භාණ්ඩාගාරික වසන්ත ආරියවික්‍රම සහ  තරග පැවරුම් ලේකම් සමන් හේවාවිතාරණ යන මහත්වරුන් ද සහභාගි වූහ.