ඉන්දියාව එක්දින තරගාවලියෙන් ගොඩයයි

0
35

එංගලන්ත කණ්ඩායම සමඟින් පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගයෙන්ද කඩුලු 5ක ජයක් හිමිකරගත් ඉන්දීය පිල එක්දින තරගාවලිය තරග 2-1කින් ජය ගැනීමට සමත්විය.

මෙම තරගයේ පළමුව ලකුණු රැස්කළ එංගලන්තය පන්දුවාර 45.5කදී සියලුදෙනා දැවී ලකුණු 259ක් ලබාගත්තේය. පිළිතුරු ඉනිම දියත් කළ ඉන්දීය පිල පන්දුවාර 42.1කදී කඩුලු 5ක් පමණක් දැවී එම ඉලක්කය පහසුවෙන්ම සපුරාගත්තේය. එහිදී සුවිශේෂී ඉනිමක් දියත් කළ රිෂාබ් පාන්ට් නොදැවී ලකුණු 125ක් සහ හර්දික් පාන්ඩියා ලකුණු 71ක් ලබාගනිමින් ඉන්දීය ජයග්‍රහණය තහවුරු කළහ.

ලකුණු සාරාංශය

එංගලන්තය – 259 (ජොස් බට්ලර් 60, හර්දික් පාණ්ඩියා 24/4, යුෂ්වේන්ද්‍ර චහාල් 60/3)

ඉන්දීයාව – 261/5 (රිෂාබ් පාන්ට් නොදැවී 125, හර්දික් පාන්ඩියා 71, රීස් ටොප්ලි 35/3)