ආයුධ පෙන්වා බිය ගන්වා කාන්තාවන්ගේ යතුරුපැදි කොල්ලකාලා

0
6

මහ මඟ යතුරුපැදිවලින් ගමන් ගන්නා කාන්තාවන්ට තියුණු ආයුධ පෙන්වා ඔවුන් සතු යතුරුපැදි මංකොල්ල කෑ දෙදෙනකු ‍ෙදාම්පේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

‍ෙදාම්පේ, කිරිඳිවැල, පූගොඩ, මතුගම ආදී ප්‍රදේශවල සැරිසරමින් මෙම මංකොල්ලකරුවන් දෙදෙනා මෙලෙස කාන්තාවන් බිය ගන්වමින් මංකොල්ලකෑම් සිදු කර ඇති බව පොලිසිය පවසයි.

වයස අවුරුදු 29 හා 31 හැවිරිදි හංවැල්ල තුන්නාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු මංකොල්ල කෑම් සම්බන්ධයෙන් වසර 15ක් බන්ධනාගාරගතව සිට පැමිණි අයකු බව පොලිසිය පවසයි.

සැකකරුවන් පූගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් චන්දන වීරසූරිය බණ්ඩාර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ජූලි මස 22 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

‍ෙදාම්පේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත රංජිත් මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබති.

ජා-ඇළ – ප්‍රසංග පාවුළුහේවා