අරගලකරුවන්ගෙන් නව දේශපාලන පක්ෂයක්

0
27

“ජන අරගලයේ පුරවැසියෝ” නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කර ගැනීම සඳහා ගාලුමුව‍ෙදාර අරගලයේ නිරත විරෝධතාකරුවන් පිරිසක් ඊයේ (18දා) මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ. පවතින දේශපාලන අර්බුදයට එරෙහිව නැඟී සිටි සමස්ත ලාංකේය අරගලකරුවන් වෙනුවෙන් මෙම නව දේශපාලන පක්ෂය ලියාපදිංචි කර ගැනීමට කටයුතු කළ බව එම කණ්ඩායමේ ප්‍රකාශකයෙක් පැවැසීය.

අරගලයේ නිරත නිර්පාක්ෂික අරගලකරුවන් වෙනුවෙන් දේශපාලන පක්ෂයක් නොතිබීමත් පවතින දේශපාලන අර්බුදයට මුහුණ දීමත් මෙම නව දේශපාලන පක්ෂය ලියාපදිංචි කර ගැනීමේ අරමුණ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

කුමුදු උපුල් ශාන්ත