හදිසි නීතිය වහා ම ඉවත් කරන්නැයි නීතිඥ සංගමය වැඩබලන ජනපතිගෙන් ඉල්ලයි

1
318

අද (ජූලි 18) දින සිට බලාත්මක වන පරිදි පනවා ඇති හදිසි නීතිය වහා ම අවලංගු කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කර ඇත්තේ, පාර්ලිමේන්තුව තුළ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වන නිලවරණය පැවත්වීමට නියමිතව ඇති මොහොතක පනවනු ලබන හදිසි නීති රෙගුලාසි මගින් ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් කිසිදු නිත්‍යනුකූල මතයක් ප්‍රකාශ කිරීම, යටපත් කිරීම හෝ යම් විසම්මුතියක් යටපත් කිරීම හෝ විශේෂිත අපේක්ෂකයෙකු පිළිබඳව විරුද්ධ වීම හෝ එකඟ නොවීම, යටපත් කිරීම සිදු නොකළ යුතු බව ය.

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සහ සාමකාමී රස්වීමේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම්වලට ගරු කරන ලෙස ත් එය ආරක්ෂා කරන ලෙස ත් රාජ්‍යය සහ ඔවුන්ගේ නියෝජිතයින් ඒවා උල්ලංඝණය නොවන පරිදි කටයුතු කරන ලෙසට ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩබල ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව අදාළ නිවේදනයේ වැඩිදුරට ත් දැක්වේ.

1 COMMENT

Comments are closed.