ජාතික ඉන්ධන අවසර පත්‍රයට තව ත් විශේෂාංගයක්

16
7623

ජාතික ඉන්ධන අවසර පත්‍රය (National Fuel Pass) සඳහා ලියාපදිංචි වී ඇති පුද්ගලයින්ට හිමි ඉන්ධන කෝටා ශේෂය පිළිබඳව දැනුවත් වීම සඳහා විශේෂ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව, FUEL BAL ඔබේ රථයේ අංකය (උදා: ABC 1234) ලෙස ටයිප් කර 076 6220 000 යන දුරකතන අංකය වෙත SMS පණිවිඩයක් යොමු කර එම ශේෂය දන ගැනීමට අවස්ථාව සලසා දී ඇත.

FUEL<හිස්තැනක්> BAL<හිස්තැනක්>වාහනයේ අංකය

එමෙන් ම, ඕනෑ ම අවස්ථාවක ඔබට QR කේතය ලබා ගනීමට අවශ්‍ය නම්, http://fuelpass.gov.lk වෙත පිවිස ජංගම දුරකතන අංකය භාවිතයෙන් ඇතුළු වී එය ලබා ගත හැකිය.

එසේ නොමැති නම්, Fuel<හිස්තැනක්>QR<හිස්තැනක්><වාහනයේ අංකය> ලෙස ටයිප් කර 076 6220 000 දුරකතන අංකය වෙත SMS පණිවිඩයක් යොමු කිරීමෙන් ද එය ලබා ගැනීමට ඉඩ සලසා තිබේ.

ජාතික ඉන්ධන බලපත්‍රය ජූලි 16 වන දා හඳුන්වා දුන් අතර ඊට අලුතෙන් ලියාපංදිචි වීම සඳහා www.fuelpass.gov.lk වෙත පිවිස එය සිදු කරගත හැකි වේ.

ඒ පිළිබඳ සම්පූර්ණ තොරතුරු පහතින් කියවන්න.

මේ අතර, ජාතික ඉන්ධන අවසර පත්‍ර වැඩසටහනට ස්වේච්ඡාවෙන් සහය වීමට ජාතික යොවුන් සේනාංකය සහ එහි සාමාජිකයින් ඉදිරිපත්ව තිබේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව එළඹෙන 21 වන දා සිට ජාතික යොවුන් සේනාංකයේ සාමාජිකයින් ග්‍රාමීය ප්‍රදේශවල ඇති ඉන්ධන පිරවුම්හල්වලදී ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා ලියාපදිංචි වීමට මහ ජනතාවට සහය වීමට නියමිත බව ඔහු වැඩිදුරට ත් සඳහන් කර තිබේ.

16 COMMENTS

Comments are closed.