සමාජ මාධ්‍යවල පළ කරන දැන්වීම් ගැන පොලිස් මූලස්ථානයෙන් විශේෂ දැනුම් දීමක්

3
1124

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් සමාජ මාධ්‍ය ජාලාවල දැන්වීම් පළ කරන, සකස් කරන, බෙදා හරින සහ සංසරණය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් පරිදි පොලිස් මූලස්ථානය ඒ පිළිබඳව අවධානය යොමු කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් සමාජ මාධ්‍ය ජාලාවල දැන්වීම් පළ කරන බව නිරීක්ෂණය වී ඇති බව ය.

ඒ අනුව, එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් මූලස්ථානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක වන පරිඝණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත උපදෙස් ලබා දී ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරට ත් දැක් වේ

මේ අතර, අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණයේදී නිදහසේ ඡන්දය භාවිත කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇති අයිතිය අවහිර කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බලපෑම් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී තිබිණි.

3 COMMENTS

  1. හොරු අල්ලන්න,රටට මේ වගේ අපරාදයක් කරන්න පොලිසියට කොන්දක් නෑ..හැබැයි ඒ වැරදි පෙන්නන මනුස්සයව අරන් ගිහින් ගහලා කට වහනවා.නඩු දානවා.අප්පිරියයි ලංකාවෙ පොලිසිය..කොන්ද පන ඇතුව වැඩ කරප්න් පොලිස් කාරයෝ.මේව කරා කියලනම් එක එකාට බැරි වෙයි මිනිස්සුන්ගේ කට වහන්න..පින්ගුත්තර රනිලා අවොත් මිනිස්සු නිකන් ඉන්නෙත් නෑ..මිනිස්සු දැන් දන්නවා මේව ඔක්කොම ගේම් කියලා

  2. හොරු අල්ලන්න,රටට මේ වගේ අපරාදයක් කරපු අයව ඇතුලට දාන්න පොලිසියට කොන්දක් නෑ..හැබැයි ඒ වැරදි පෙන්නන මනුස්සයව අරන් ගිහින් ගහලා කට වහනවා.නඩු දානවා.අප්පිරියයි ලංකාවෙ පොලිසිය..කොන්ද පන ඇතුව වැඩ කරප්න් පොලිස් කාරයෝ.මේව කරා කියලනම් එක එකාට බැරි වෙයි මිනිස්සුන්ගේ කට වහන්න..පින්ගුත්තර රනිලා අවොත් මිනිස්සු නිකන් ඉන්නෙත් නෑ..මිනිස්සු දැන් දන්නවා මේව ඔක්කොම ගේම් කියලා

Comments are closed.