13 හැවිරිදි පාසල් දැරියක් බලහත්කාරයෙන් රැගෙන ගෙන ගිය 17 හැවිරිදි සිසුවකු අත්අඩංගුවට ගෙන මොරටුව ප්රධාන මහෙස්ත්රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කිරීමට (15දා) නියම කළාය. අමතර පන්ති ගිය දැරියක අතුරුදන් වීම සම්බන්ධයෙන් මොරටුමුල්ල පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත කරන ලද විමර්ශනවලදී පොලිසිය සහ දැරියගේ මවුපියන් විසින් ලබාදුන් තොරතුරු මත මෙම සැකකරු මෙන්ම දැරියව සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.
බාලවයස්කාර යුවළක් ආනමඩුව ප්රදේශයේ සිටින බවට අතුරුදන්ව සිටි දැරියගේ මවුපියන් වෙත දැනගන්නට ලැබී ඒ අනුව සොයා ගිය දැරියගේ මවුපියන් පොලිසියට කළ දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය විසින් 17 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
බාලවයස්කාර දැරිය පානදුර රෝහල වෙත ඇතුළත් කර ඇති අතර අත්අඩංගුවට ගත් උතුරු කළුතර විලේගොඩ සැකකාර සිසුවා භාරකරුවකුට භාරදීමට නියම විය.
මොරටුව – ඉරංග ප්රනාන්දු