සුදු හඳුන් කිලෝ 253ක් කොග්ගලදී පොලිස් දැලේ

0
16

බලපත්‍රයක් නොමැතිව ත්‍රිරෝද රථයකින් සුදු හඳුන් කිලෝ 253ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් 4 දෙනකු හා ත්‍රිරෝද රථය කොග්ගල පොලිස් මාර්ග බාධකයේදී පෙරේදා (16දා) අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පැවැසීය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනකු හා කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොවුන් තංගල්ල ප්‍රදේශයේ සිට මෙකී සුදු හඳුන් තොගය ත්‍රිරෝද රථයකින් රැගෙන යන බවට පොලිසියට ලද තොරතුරකට අනුව කොග්ගල ප්‍රදේශයේදී ක්ෂණික පොලිස් මාර්ග බාධකයක් යොදා ත්‍රිරෝද රථය නවතා පරීක්ෂා කොට ඇත.

සුදු හඳුන් තොගය රැගෙන ගියේ කුමන අයකුට අලෙවි කිරීම සඳහාද යන්න පිළිබඳ හබරාදුව පොලිසිය මඟින් විමර්ශනයක් ආරම්භ කොට ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක කරුණාරත්න මහතාගේ උපදෙස් මත කාන්තා උප පොලිස් පරීක්ෂිකා චම්මිකා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ගාල්ල _ කමල් විජේහේවා