සියඹලා අහුලමින් සිටි තිදරු පියා පාරේ ගිය ලොරියේ ගැටී මරුට

0
8

පොළොන්නරුව – මහියංගණ ප්‍රධාන මාර්ගයේ මඟුල්දමන ප්‍රදේශයේ මාර්ගය ආසන්නයේ තිබූ සියඹලා ගසකින් සියඹලා අහුලමින් සිටි අයකු 14 වැනිදා සවස ලොරියක ගැටී සිදුවූ අනතුරකින් මියගොස් ඇත.

මියගොස් ඇත්තේ මඟුල්දමන රාජපක්ෂ මුදියන්සේලාගේ සෙනරත් බණ්ඩාර 66 හැවිරිදි  තිදරු පියකු බව පරීක්ෂණ සිදුකරන මනම්පිටිය පොලිසිය කීය.

අනතුර ලොරි රථය පාරෙන් ඉවතට ගොස් සිදුව ඇති අතර එහි ගමන්ගත් රියැදුරු බරපතළ තුවාල ලබා මනම්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව පොළොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇත.

මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති රියැදුරු 18 වැනි දින පොළොන්නරු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා අප කළ විමසීමකදී පැවැසීය.

මහියංගණය සිට නුවර දක්වා මෙම ලොරි රථය ගමන් කරන අතරතුර පාරෙන් ඉවතට ගොස් අනතුර සිදුව ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වූ බව මනම්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා පැවැසීය.

සිදුවූ අනතුරෙන් මියගොස් ඇත්තේ මඟුල්දමන ගම්මානයේ මාළු ව්‍යාපාරිකයෙකි.

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ඔහු මේ දිනවල මාර්ගය ආසන්නයේ ඇති සියඹලා ගස්වලින් සියඹලා අහුලා විකුණා ජීවිකාව ගෙනගිය අයකු බවද පරීක්ෂණ පවත්වන මනම්පිටිය පොලිසිය සඳහන් කරයි. අනතුරට හේතුව රියදුරුගේ නොසැලකිලිමත් රිය ධාවනය බවත්, ඔහු සුව වූ පසු පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවත් පරීක්ෂණ සිදුකරන මනම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

මනම්පිටිය – නිමල් ජයරත්න