මැදවච්චිය කුඩු ජාලයේ ප්‍රධානියා සමඟ තිදෙනකු අල්ලයි

0
31

මැදවච්චියේ කුඩු බෙදූ ප්‍රධානියා සහ ගෝලයන් දෙදෙනකු හෙරොයින් ග්‍රෑම් 35ක් සමඟ අත්අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය කීය.

මැදවච්චිය මහවීදිය මහමළුගොලෑව, ශ්‍රී  බෝධි මාවත 39, 36 සහ 28 වියැති සැකකරුවන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. මැදවච්චිය 211 පාබල බළ සේනා මූලස්ථානයේ බුද්ධි හා ආරක්ෂක උප සමූහයට ලද තොරතුරක් මත පසුගියදා මැදවච්චිය පොලිස් ස්ථානයේ නිලධාරීන් සමඟ බුද්ධි අංශ නිලධාරීන් එක්ව හෙරොයින් ජාවාරම්කරුවන් සොයා මෙහෙයුමක් ආරම්භ කර උපාය දූතයකු ලවා මැදවච්චිය හා අවට ප්‍රදේශවලට හෙරොයින් බෙදාහරින ප්‍රධාන සැකකරු වහමළුගොල්ලෑව පිහිටි නිවෙසින් හා සෙසු සැකකරුවන් දෙදෙනා මැදවච්චිය ප්‍රදේශයේදීත් අත්අඩංගුවට පත්විය.

පලා යෑමට උත්සාහ කළ ජාවාරම්කරුවන් දැඩි පරිශ්‍රමයක් දරා ආරක්ෂක අංශ ග්‍රහණයට හසු කර ගැනීමෙන් අනතුරුව සැකකරුවන් සන්තකයේ තිබූ හෙරොයින් සමඟ මැදවච්චිය පොලිසිය වෙත රැගෙන ගොස් මැදවච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මැදවච්චිය _ ගයාන්