පොල් ගසකින් වැටී සිවු දරු පියා මියයයි

0
11

පොල් රා මැදීමේ යෙදී සිටි සිවුදරු පියකු පොල් ගසට නඟිමින් සිටියදී බිමට වැටීමෙන් ඉකුත් 16 වැනිදා මියගොස් ඇතැයි බඩල්කුඹුර පොලිසිය පැවැසීය.

මෙලෙස මියගොස් ඇත්තේ ගමේවෙල මඤ්‍ෙඤාක්කාවත්ත පදිංචි ආර්. එම්. ආනන්ද ධර්මකීර්ති ආරියවංශ (63) නමැති අයෙකි. හෙතෙම පොල් රා මැදීමේ යෙදී සිටි පුද්ගලයකු වන අතර පොල්මල කැපීමට ගිය අවස්ථාවේදී ගසෙන් බිමට වැටී සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇත.

බිබිල _ නඳුන් ගුණතිලක