දුරදිග ගිය ඉඩම් ආරවුල ඝාතනයකින් අවසන් වෙයි

0
339

කුලියාපිටිය පොලිස් වසමේ ඉහළ එලතලව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබේ.

පොලිසිය සඳහන් කළේ, ඊයේ (ජූලි 16) සවස් කාලයේදී මෙම සිද්ධිය සිදු වී ඇති අතර පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව ය.

මරණකාරිය වයස අවුරුදු 76 ක් වන එලතලව, දීගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

දීර්ඝ කාලයක් තිස්සේ පැවති ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇතැයි සැක කරන බව පොලිසිය සඳහන් කළේ ය.

මිය ගිය කාන්තාව තම දියණියගේ නිවසට ගමන් කරමින් සිටියදී ඇයගේ සහෝදරයා මෙම ඝාතනය සිදු කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිද්ධියට සම්බන්ධ වයස අවුරුදු 71ක් වන ඉහත ප්‍රදේශයේ පදිංචි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනය සම්බන්ධයෙන් වන වැඩිදුර විමර්ශන කටයුතු කුලියාපිටිය පොලිසිය සිදු කරයි.