ජනපති ඡන්දයේදී පොහොට්ටුව රනිල් සමඟ හිට ගනී

0
11

ජනාධිපතිවරයා තේරීම සඳහා ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ තීරණය කළේ යැයි එම පක්‍ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ‘ඉරිදා මව්බිම’ට පැවැසීය.

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයකු වන ඩලස් අලහප්පෙරුම පක්‍ෂයේ එකඟතාවට පිටින් ගොස් ජනාධිපති අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වී ඇතත්, පක්‍ෂයේ සහාය රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයාට ලබාදීමට තීරණය කළ බවද හෙතෙම සඳහන් කළේය.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය