BREAKING NEWS: දෙපාර්ශවයට ම පිළිගත හැකි අගමැතිවරයෙකු නම් කරන්නැයි රනිල් කතානායකට දැනුම් දෙයි

0
713

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩුපක්ෂය හා විපක්ෂය යන දෙපාර්ශවය පිලිගන්නා අග්‍රාමාත්‍යවරයකු නම් කරන ලෙස වැඩබලන ජනාධිපති හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කතානායක මහින්ද යපා අබේවර්ධන වෙත දැනුම් දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය මේ බව සඳහන් කර ඇත.

ජූලි 11 වන දා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් සමග පැවති සාකච්ඡාවට සහභාගි වූ සියලු ම අමාත්‍යවරුන්ගේ අදහස වූයේ සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහා ම, එම රජයට වගකීම් භාර දීමට තමන් සූදානම් බව යැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වැඩිදුරට ත් සඳහන් කර තිබේ.